GoDaddy Renewal Issue – Action Needed Within 24 Hours

Action Required: Update Your Payment Details Dear Customer, We were unable to process your recent GoDaddy service renewal because your payment method was declined. To prevent your services from being suspended within 24 hours, please update your billing details immediately. Update Payment Once updated, your renewal will be processed automatically. Thank you for choosing GoDaddy. Copyright ©…

Wise Notice: Verify Your Account to Avoid Restrictions

Please Confirm Your Personal Details Hello, As part of our ongoing commitment to account security and service reliability, we’re updating how Wise accounts are verified and accessed. To continue using Wise without interruption, please activate your Wise App and confirm your personal information. Important: Manual verification is required to comply with updated security policies. Please…

රාජ්‍ය සාහිතය සම්මාන උළෙල – 2025 (අවසන් ප්‍රතිඵල ලේඛනය)

රාජ්‍ය සාහිතය සම්මාන උළෙල – 2025 (අවසන් ප්‍රතිඵල ලේඛනය)

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මා­ණ­ක­ර­ණ­යෙන් සුපෝ­ෂ­ණය කළ සාහි­ත්‍ය­ධ­ර­යන් සම්මා­න­යෙන් පිදෙන 68 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය, 2025-09-18 දින කොළඹ අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පැවැත්විණි.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදි ශ්‍රී ලංකාවේ සාහිත්‍යවේදියකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන   රාජ්‍යයේ ඉහළම සාහිත්‍ය සම්මානය වන ‘සාහිත්‍ය රත්න’ සම්මානයෙන් ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධර ආචාර්ය සෝමරත්න බාලසූරිය (සිංහල), ප්‍රවීණ සාහිත්‍යවේදී එම්.ඒ. අල් අසුමත් (දෙමළ), ප්‍රවීණ සාහිත්‍යවේදිනී ප්‍රේමිනී අමරසිංහ (ඉංග්‍රීසි) පිදුම් ලැබුවෝ ය. 

බුද්ධ­ශා­සන අමා­ත්‍යාං­ශය, සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලය හා රාජ්‍ය සාහිත්‍ය අනු­ම­ණ්ඩ­ලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ, අවසානවටයට නිර්දේශිත පොත් හා ජයග්‍රාහී පොත් සම්පූර්ණ ලැයිස්තුව පහතින් කියවිය හැක. 

තෙමි තෙමිම මම ( කාව්‍යය) – දමිත් උදයංග දහනායක
|

තෙමි තෙමිම මම ( කාව්‍යය) – දමිත් උදයංග දහනායක

වසර 2014 දී පලවූ, පාඨක අවධානය නොඅඩුව දිනාගත් දමිත් උදයංග දහනායකගේ පළමු කාව්‍ය සංග්‍රහය, “තෙමි තෙමිම මම” කාව්‍ය සංග්‍රහයෙහි ඉලෙක්ට්‍රොනික පිටපත කතුවරයාගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

“තෙමි තෙමිම මම” කර්තෘ ප්‍රකාශනයක් වන අතර මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.

මලක් කතා කරයි – ඉසුරු චාමර සෝමවීර
|

මලක් කතා කරයි – ඉසුරු චාමර සෝමවීර

මේ,ඉසුරු චාමර සෝමවීර විසින් රචිත පළමු කෙටිකතා සංග්‍රහය වන ‘මලක් කතා කරයි ’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, කතුවරයාගේ සහ සංහිඳ ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.

වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ
| |

වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ

කෙටි කතා ලිවීම ලේසි කාර්යයක් නොවේ. මාර්ටින් වික්‍රමසිංහ මහා විද්වතා පැවසූ පරිදි එය වෙනමම කලාවකි. වෙනමම රටාවකි. සැමදෙනාටම සාර්ථකව සිදු කළනොහැකි කාර්යයකි.
විශේෂයෙන්ම කාර්ය බහුල හදිසි ප්‍රතිකාර ඒකකයක සේවය කරමින් සිටින වෛද්‍යවරයෙකුට එය කිසිසේත්ම ලෙහෙසි කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම පරිහරණයට පොත පත සොයා ගැනීම දුෂ්කර, සිංහල සාහිත්‍යමය වටපිටාවක් නොමැති රටක සිට එය සිදුකිරීම තවත් දුෂ්කරය.
එහෙත් වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ ඒ සියළු බාධක අභිබවමින් ඉතා සාර්ථක කෙටි කතා නිර්මාණ එකතුවක් ‘වාන් පතුල්’නමින් එළි දක්වන්නට සමත්වී ඇත.
කෙටි කතා විවිධ ලෙස නිර්මාණය වීම සිදුවේ විටක එය අවසන් සිදුවීමෙන් පටන් ගෙන අපගේ උපකල්පන වලට ගැළපෙමින් මෙන්ම අභියෝග කරමින් ඉදිරියට ගලායයි. තවත් විටක එය ආරම්භයේ සිටම අවසානයේ කුමක් වේදැයි අපගේ කුතුහළය අවුස්සමින් නියමිත රටාවට ගලායයි. ඒ කිසිවකට අයත් නොවුනු,හුදු මනංකල්පිත අභව්‍යය සිදුවීම් එහෙන් මෙහෙන් ගලපා ලියවෙනා අධි තාත්වික රටාවද සමහර අවස්ථාවලදී කෙටිකතා තුලින් දැකිය හැක.

සිංහල සාහිත්‍යය ථෙරවාදයෙන් වජ්‍රයානයට – කේ. කේ. සමන් කුමාර
|

සිංහල සාහිත්‍යය ථෙරවාදයෙන් වජ්‍රයානයට – කේ. කේ. සමන් කුමාර

ඕල්කට් බුදුදහමට එරෙහිව බුදුදහමේ හේතුඵලවාදය ස්ථාපිත කිරීමෙන් යථාර්ථවාදය ඔස්සේ වික‍්‍රමසිංහ දායාද කළ මහා ජයග‍්‍රහණය වන්ම මහා ජයග‍්‍රහණයක් සිංහල සාහිත්‍යය තුළ අත් කොට ගත්තද එය තවමත් අප අවධානයට ලක් නොවූයේ යැයි යනු මාගේ කල්පනාවය. එය නම් සයිමන් නවගත්තේගමගේ කෘතීන් හරහා තන්ත‍්‍රවාදය අභිෂේක වීමයි. බුදුන්, මාක්ස් සහ ප්‍රොයිඞ් එක මිටට ගැනීමක් වූ ”සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා” හුදී ජන පහන් සංවේගය උදෙසා ලියූවද, එය අභිධර්මයක් බවට පත්විණි. දශකයකට පසු ”සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා” කරා එද්දී දාර්ශනික ප්‍රොයිඞ් ග‍්‍රාම්‍ය ප්‍රොයිඞ් කෙනෙකු පවට පත්වේ.

භගිනිගේ (සහෝදරිය!) යටපත් කළ ලිංගික හැඟීම් මගින් ජවිපෙ ලිංගික මර්ධනය නිරූපණය කෙරෙයි. තන්ත‍්‍රවාදී බුදුදහම ලිංගිකත්වය මර්දනය කිරීම ප්‍රොයිඞ් සේම අනුදක්නේ නොවෙත්. උරුමක්කාරයා තුළ මාක්ස් නැත්තටම නැතිවේ. උරුමය පිළිබඳව මිනිස් ඉතිහාසය තුළ බරපතළ ලෙසට කතා කළ මාක්ස් එතුළින් වාෂ්ප වී ගොසිනි! ගෞතම බුදුන් වෙනුවට බුදුවරයින්! බෝධිසත්ව වීරවරයින් ලෙස වජ‍්‍රයාන බලපෑම එහි ඉස්මතු වේ. වජ‍්‍රයානය මරණය මුඛ්‍ය ආරම්මනයක් ලෙස ගනී. ”සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා” තුළ ද මරණ භය ප‍්‍රධාන හුය බවට පත්වේ.

Loading

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්
|

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්

මේ, කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ දෙ⁣වන කාව්‍ය ග්‍රන්ථය වන ‘ඔබ ගැඹුරු නින්දක’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
මෙහි එන ‘ඇඹුල්’ කවිය දැනට වසර කීපයක් තිස්සේ උසස් පෙළ සිංහල නිර්දේශය යටතේ ඉගැන්වෙන අතර තවත් කවියක් 2024 වසරේ සිට සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නියමිතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, අමතර කියවීමක් සඳහා පාසල් දරුවන් වෙනුවෙන් ද ඇගේ පාඨකයින් වෙනුවෙන් ද කතුවරියගේ සහ සන්ථව ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

Loading

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ
|

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ

අක්කරෙයිපත්තු අක්ෂර (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2016
සනහස ප්‍රකාශනයක්

‘ අක්කරෙයිපත්තු අක්ෂර’ , චලක ප්‍රමුදිත ලුණුවිලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. සනහස ප්‍රකාශනයක් වන මෙය ජනගත වන්නේ 2016 වර්ෂයේදී.
මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරයාගේ පූර්ණ අවසරය සහිතව මෙලෙස බෙදා හැරේ.

Loading

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම
| |

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ ගැන කතා කරාවි. නමුත් සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන යම් අදහසක් කියලා ඉරේෂාගේ පොත ගැන පොදු අදහසක් දක්වන්නම්, ඉඩක් තිබ්බොත් කවියක් දෙකක් එක්ක.

විශේෂයෙන් ම මම කැමතියි අපේ කිවිඳියන් කවි ලියූ යුග දෙකක් මතු කර දක්වන්න. ඒ සිගිරිය සහ මාතර යුගය.

පළමුවෙන් ම ලාංකේය කාව්‍ය ඉතිහාසයේ කිවිඳියක් හමු වන්නේ ක්‍රි.පූ 6 වැනි සියවසේ අග්බෝ රජ දවස බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එවකට විසූ දොළොස් මහා කවියන් අතර කිවිඳියන් දෙදෙනෙකු සිටී බැව් දැක්වෙන අතර දළ බිසෝ සහ බාදිරියා එකී කිවිඳියන් දෙදෙනා කියලයි සඳහන් වෙන්නේ.