- අළුත් පොත් -

සැණෙළි වියුම්


අනිල් හේරත් ලියූ කෙටිකතා දහතුනක්




විස්තර

සැණෙළි වියුම්


"සැණෙළි වියුම්" යන්න ' Flash Text' හෝ 'Flash Fiction' ලෙස පදානුගතව ඉංග්‍රීසියට පරිවර්තනය කල හැක. මේ වචන ද්වයම ජනනය කරන්නේ ඉතා කෙටි ලියුම්, ඉතා කෙටි ප්‍රබන්ධ වැනි අදහසකි.
නමුත් මේ කතා එකතුවට 'සැණෙළි වියුම්' ලෙස නම් තැබීමේ මූලික අරමුණ වූයේ ඒවා ජීවිතයේ ඉතා කුඩා නිමේෂයන්, අදුරු රැයක අකුණක 'සැණෙළි' එළියෙන් මතුවන්නාක් මෙන්, කැමරාවක 'සැණෙළි' එළියකින් සටහන් කර ගත්තාක් මෙන් වූ කතා බව හැඟවීම ය.
ඒ නිසාම ඇතැම් තැනකදී වියමනෙහි යෙදෙන වචන ප්‍රමාණයට වඩා කතාව ගොඩ නැංවීම කෙරෙහි සැලකිලිමත් වූයෙමි.

එහෙයින් මෙම කතා සම්මත 'Flash Fiction' ගණයෙහි ලා සැලකිය නොහැක.
- අනිල් හේරත්

facebook පිටුව | සියලුම සරසවි පොත්හල් වෙතින් | kbooks.lk වෙතින්|grantha.lk වෙතින්

ඉ-සංකලණි


ග්‍රන්ථයන්හි අන්තර්ගතය වර්ගීකරණය

නිර්මාණයක අන්තර්ගතය අනුව යම් වර්ගීකරණයක් කිරීම දෘශ්‍ය මාධ්‍යයන්හිදී දක්නට ලැබුණත් මුද්‍රිත මාධ්‍යයහිදී එය යෙදෙන්නේ ඉතා අඩුවෙනි. සිංහල සාහිත්‍යය තුල නම් එවැන්නක් යොදාගත් අවස්ථාවක් දක්නට ලැබෙන්නේම නැත.

මෙවැන්නක් යොදාගැනීම තුලින් යමෙකුට විශේෂයෙන් දෙමාපියන්ට තම දරුවන් සඳහා පොත් තෝරාගැනීමේදී පහසුවක් ඇතිවනු ඇතැයි යන්න ( විදේශයන්හිදී පවා අන්තර්ගතය වර්ගීකරණය කෙරෙන්නේ ' Parental Guide' ලෙසිනි ) විශ්වාස කරමු.

මෙහි දැක්වෙන්නේ ' ඇමෙරිකානු චලන චිත්‍ර සංගමයේ' වර්ගීකරණය ප්‍රමුඛ කොටගෙන තවත් වෙබ් අඩවි රැක තිබූ අදහස් ගුරුකොට ගනිමින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන කිහිපදෙනෙකුගේ ද අදහස් අනුව සකසාගත් මූලික නිර්දේශයන් වේ.



ශෘංගාරය හා බැඳි අන්තර්ගතයන් :


00. ආලිංගනයන් හෝ ශෘංගාරාත්මක දෙබස් සඳහන් වන්නේ නැත.
01. විස්තරාත්මක නොවන ආලිංගනයන් හා මඳ වශයෙන් යෙදුණු ශෘංගාරාත්මක දෙබස් ඇතුලත් වේ.
02. ආලිංගනයන් විස්තරාත්මක ව දක්වා ඇති අතර ශෘංගාරාත්මක දෙබස් ඇතුලත් වේ.
03. ශෘංගාරාත්මක ක්‍රියාකාරකම් හා දෙබස් ඇතුලත් ය.
04. වඩා විස්තරාත්මකව ලියූ ශෘංගාරාත්මක ක්‍රියාකාරකම් හා දෙබස් ඇතුලත් ය.

අසැබි බස අන්තර්ගතයන් :


00. පරුෂ වචන හෝ සමාජ සම්මත අසැබි වදන් ඇතුලත් නොවේ.
01. කිහිප පොළක පරුෂ වචන යෙදුන ද අසැබි වදන් ඇතුලත් නොවේ.
02. පරුෂ වචන හා අසැබි වදන් තැනින් තැන ඇතුලත් වේ.
03. පරුෂ වචන හා අසැබි වදන් නිතර යෙදේ.
04. පරුෂ වචන හා අසැබි වදන් සෑම පිටුවකම පාහේ යෙදේ.

ප්‍රචණ්ඩත්වය හා බැඳි අන්තර්ගතයන්

00. ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුලත් නැත.
01. ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සඳහන් වුව ද විස්තර ඇතුලත් නොවේ.
02. ප්‍රචණ්ඩ ක්‍රියා මඳ වශයෙන් විස්තරාත්මකව දක්වා ඇත.
03. ප්‍රචණ්ඩ ක්‍රියා විස්තරාත්මකව දක්වා ඇත.
04. ප්‍රචණ්ඩ ක්‍රියා වඩා විස්තරාත්මකව දක්වා ඇත. ප්‍රචණ්ඩත්වය උත්කර්ශයට නංවන ආකාරයෙන් ලියවි ඇත.

වෙනත් සඳහන්

බාල වයස් මත් පැන් පානය
දුම්වැටි
මත්කුඩු
වැඩිහිටි තේමාවන්
රූපමය අන්තර්ගතයන්