සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද? – සුදර්ශන සමරවීර
මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත කෘතිය දැනටමත් අපේ සමාජයේ විවිධ තලවල සංවාද වෙත ආලෝකය ගෙනා කෘතියක් බව පෙනෙනව. සමකාලීන අධ්‍යාපනයේ නව ලිබරල් මුහුණත සහ නිදහස්කාරක අධ්‍යාපනයේ හරයාත්මක වටිනාකම්, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ ෙඑතිහාසික විකාශනයේ අවවර්ධනය, වැඩ ලෝකය-අධ්‍යාපනයේ උපයෝගීතාවාදී භාවිතය සහ කරණීය තර්කරණය, නිදහස් කලා අධ්‍යාපනයේ ගුරු ශිෂ්‍ය භූමිකා, මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ගැටලු සහ පොදුවේ ශාස්ත්‍රාලය සහ ශාස්ත්‍රාලයික බව ගැන අර්ථවත් සංවාදයක් මතු කෙරෙන න්‍යායික සහ ෙඑතිහාසික ප්‍රවේශ ගණනාවක් මේ කෘතිය මගින් පැනෙනව පෙනෙනව. මේ කෙටි සටහන පොතේ එන ඒ සියල්ල පිළිබඳ සාකල්‍යර්ථවත් අවලෝකනයක් නෙමෙයි. එහෙම කරනව නම් ඒක තවත් ග්‍රන්ථ ප්‍රමාණ අභ්‍යාසයක්. මම උත්සාහ කරන්නෙ මේ කෘතිය මගින් පොදුවේ ආමන්ත්‍රණය කරන එක් අදහසක් පමණක් සලකාබැලීමට විතරයි. අනිත් අතට මෙවැනි පොතක් ගැන කරන කතාවක් යනු පොත නොකියවූ අයට කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම හෝ පොතෙහි එන විස්තෘත කරුණුවල පටුනක් සේ පෙනෙන පෙළගැස්මක් සැදීම නෙමෙයි. ආධුනික ශාස්ත්‍රකාමියෙකු ලෙස පුද්ගලිකව මම මේ කෘතියෙහි කැමතිම පරිච්ඡේදය තමයි -නිදහස් කලා අධ්‍යාපනය, නිදහස්කරක අධ්‍යාපනය සහ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ- නමැති පරිච්ඡේදය. ඒත් මම ඒ සංවාද දැනට මගහැර යනව.