මලක් කතා කරයි – ඉසුරු චාමර සෝමවීර
|

මලක් කතා කරයි – ඉසුරු චාමර සෝමවීර

මේ,ඉසුරු චාමර සෝමවීර විසින් රචිත පළමු කෙටිකතා සංග්‍රහය වන ‘මලක් කතා කරයි ’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, කතුවරයාගේ සහ සංහිඳ ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.

වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ
| |

වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ

කෙටි කතා ලිවීම ලේසි කාර්යයක් නොවේ. මාර්ටින් වික්‍රමසිංහ මහා විද්වතා පැවසූ පරිදි එය වෙනමම කලාවකි. වෙනමම රටාවකි. සැමදෙනාටම සාර්ථකව සිදු කළනොහැකි කාර්යයකි.
විශේෂයෙන්ම කාර්ය බහුල හදිසි ප්‍රතිකාර ඒකකයක සේවය කරමින් සිටින වෛද්‍යවරයෙකුට එය කිසිසේත්ම ලෙහෙසි කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම පරිහරණයට පොත පත සොයා ගැනීම දුෂ්කර, සිංහල සාහිත්‍යමය වටපිටාවක් නොමැති රටක සිට එය සිදුකිරීම තවත් දුෂ්කරය.
එහෙත් වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ ඒ සියළු බාධක අභිබවමින් ඉතා සාර්ථක කෙටි කතා නිර්මාණ එකතුවක් ‘වාන් පතුල්’නමින් එළි දක්වන්නට සමත්වී ඇත.
කෙටි කතා විවිධ ලෙස නිර්මාණය වීම සිදුවේ විටක එය අවසන් සිදුවීමෙන් පටන් ගෙන අපගේ උපකල්පන වලට ගැළපෙමින් මෙන්ම අභියෝග කරමින් ඉදිරියට ගලායයි. තවත් විටක එය ආරම්භයේ සිටම අවසානයේ කුමක් වේදැයි අපගේ කුතුහළය අවුස්සමින් නියමිත රටාවට ගලායයි. ඒ කිසිවකට අයත් නොවුනු,හුදු මනංකල්පිත අභව්‍යය සිදුවීම් එහෙන් මෙහෙන් ගලපා ලියවෙනා අධි තාත්වික රටාවද සමහර අවස්ථාවලදී කෙටිකතා තුලින් දැකිය හැක.

සැණෙළි වියුම් – දෙවන සංස්කරණය
|

සැණෙළි වියුම් – දෙවන සංස්කරණය

මේ 2017 දී මුද්‍රණයෙන් එළි දැක්වුණ ‘සැණෙළි වියුම්’ කෙටිකතා සංග්‍රහයේ සංස්කරණය කරණ ලද ඉලෙක්ට්‍රොනික පිටපතයි. මුල් කෘතියේ අන්තර්ගත සියළුම කතා මෙහි අන්තර්ගතවන අතර කතෘ විසින් ඒ සියළු කතා යලි සංස්කරණය කර ඇත්තේ ය. ඒ නිසා මුල් කෘතිය කියවූ අයෙකුට වුවත් මෙම කියවීම නැවුම් අත්දැකීමක්වනු ඇතැයි විශ්වාස කරමු.

Loading

ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ( කෙටිකතා – තෝරාගත් පිටු )
|

ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ( කෙටිකතා – තෝරාගත් පිටු )

” ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්” යනු අනිල් හේරත්ගේ දෙවන කෙටිකතා පොතයි.
මේ PDF ආකාරයෙන් නිකුත්කෙරෙනුයේ එහි තෝරාගත් පිටු කිහිපයකි.

මේ ගොනුව කතුවරයාගේ පූර්ණ අනුමැතිය ඇතුව නොමිලේ කියවිය හැකි, බාගත කළ හැකි හා බෙදාගත හැකි ආකාරයෙන් ඇතුලත් කර ඇත.

මුද්‍රිත පොත කියවනු රිසි අයෙක් වෙත්නම් පහත සබැඳියෙන් සයුර ප්‍රකාශකයන් වෙතින් පොත ගෙන්වාගත හැක.
https://sayurabooks.lk/product/terms-and-conditions/

Loading

පාඨනයේ සහෝදර බැම්ම සහ පාඨක ප්‍රතිචාර විචාරය (ප්‍රභාත් ජයසිංහගේ ‘පස් ලෝ’ එන කෙටිකතාවක් ඇසුරින්) – සුදර්ශන සමරවීර
| |

පාඨනයේ සහෝදර බැම්ම සහ පාඨක ප්‍රතිචාර විචාරය (ප්‍රභාත් ජයසිංහගේ ‘පස් ලෝ’ එන කෙටිකතාවක් ඇසුරින්) – සුදර්ශන සමරවීර

“ලෝක කෙටිකතා කලාව පිළිබඳ න්‍යායික පිහිටුමක සිට මේ පස්ලෝහි එන කෙටිකතා ‘කෙටිකතා’ සේ පිහිටුවිය හැක්කේ කෙසේද?” වැනි දෘඪ න්‍යායික රාමුවක සිට කතා කරන්න ඉඩහසර ඇති පරිසරයක සිට නෙමෙයි මම කතාකරන්නෙ. කැමතිම රචකයෙක්ගෙ කැමති පොතක් ගැන ටිකක් අසාධාරණ ඒ්ත් කෙටිකතා ප්‍රිය පාඨකයෙක්ට මේ කතා දෙස එබී බැලිය හැකි එක් කුඩා කවුළුවක් විවර කරගන්නයි මම හදන්නෙ. තව අතුරු කතාවක්. ප්‍රභාත් ජයසිංහගේ ‘කෙටිකතා චක්‍ර’ යන හඳුන්වාදීම ඔස්සේ ආ ‘රස පොළව’නම් කෙටිකතා කෘතිය ගැන මා කලෙකට පෙර ලියූ සටහන මා නම් කළේ “රස පොළව ගැන සහෝදර කියවීමක්” නමින්. “කියවීම” සහෝදර වෙන්නෙ කොහොමද? චිරන්තන පෙරදිග සාහිත්‍ය විචාරයේත් අපට අතීතයේ සිට හමු වූ ‘සහෘදයා’ පිළිබඳ – සමාන හදවතක් ඇත්තා – වැනි අදහස් මතකයි. එතකොට මම ‘රස පොළව’ ගැන සහෝදර කියවීම කරද්දි එහි කතුවරයා, ප්‍රභාත් ජයසිංහට ‘සහෝදරයා’ වීම නෙමෙයි අදහස් කළේ. කෙටිකතා වෙත, කෙටිකතා කලාව වෙත සහෝදර වීම. සහෘද නෙමෙයි. සහෘදයා යන්නෙදි සමාන හෘදය නම් සහෝදරයා යන්නෙදි සමාන උදරය අදහස් වෙනව. මම මතු කරන්න උත්සාහ කළේ එහි ඒ් කෘතිය වෙත සහෝදර මානය. මම ඒ රචනයේදී ප්‍රභාත් ජයසිංහ නමැති කෙටිකතාකරුවා මෙතෙක් කෙටිකතා කෘති කිහිපයක් ඔස්සේ ගොඩනගන ලද කෙටිකතාමය ස්ව ශානරයේ ගතිකයන්, කතා කලාවේ figurative language එක, රූපකාර්ථ යථාර්ථවාදය, ඒ ඒ කතා ඇසුරෙන් මතු කරන තේමාත්මක එළඹුම් ආදිය ගැන ඉඟි කරන්න උත්සාහ කළා. ඒ පොතට විතරක් නෙමෙයි ඔහුගෙ සමස්ත කතා කලාව වෙතම වන සහෝදරාත්මක ආත්මයක් දල්වාලන්න මම එදා ප්‍රවේශයේදි උත්සාහ කළා. නමුත් අද මගේ අදහස් දැක්වීමෙදි ඒ ප්‍රමාණයෙන් තරමක හෝ පුළුල් ප්‍රවේශයක් ගන්න මට අපහසුයි.

මං ගන්න හදන්නෙ ක්ෂුද්‍ර එළඹුමක්. කවි සහ කෙටිකතා පොත් අටක් ලියූ ලේඛකයෙක්ගෙ කෙටිකතා අටක් ඇති ඔහුගෙ අටවෙනි පොතේ එක කතාවකට පමණක් මගේ කියවීම සීමා කරන්නයි හදන්නෙ. මගෙ ක්ෂුද්‍ර අදහස මේ සංවාදයේ පිහිටුවීම පිණිස මගේ පහසුව සඳහා සාහිත්‍ය න්‍යායේ එන අදහසක ආලෝකය ලැබීම රුකුලක්.