වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ
වාන් පතුල් (කෙටි කතා සංග්‍රහය ) – ශ්‍යාම කුමාර මුණසිංහ


කවිය පිළිබඳ අදහස් දක්වන ඉංග්‍රීසි කවියෙකු වන මැතිව් ආර්නෝල්ඩ් පවසන්නේ, ″එය ගිනි පුලිඟුවක් අහසින් කඩා වැටිම හා සමාන දෙයකි. කවිය යනු ඉතා මනරම්, විශ්මය ජනක මෙන්ම පුලුල් ලෙස දේවල් ප්‍රකාශ කළහැකි ආකාරයකි.″ යනුවෙනි. කවිය මනරම්, විශ්මය වහා ප්‍රයෝගයක් වන්නේ භාෂාව පදනම් කරගෙනය. සිය භාෂාව කාව්‍යමය තලයක තබා කපාකොට ගත හැකි කවියෙකුට සිය කවිකම් මනාව විදහා දැක්විය හැකිය. එසේ කිරීමට නම් කවියා සිය භාෂාවේ එන විදග්ධ ව්‍යවාහාරය, ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන ව්‍යවාහාරය, විදෙස් වහර, පැරණි ගද්‍ය පද්‍ය භාෂාව පමණක් නොව එහි එන තාක්ෂණික යෙදුම් මෙන්ම උප භාෂා ආදියේ එන ලක්ෂණයන් ද අනිවාර්යෙන් දැන සිටිය යුතුය. එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද කවියා උත්සුක විය යුතුය.
කෞශල්‍යා ජයලත් කිවිඳිය ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය සංග්‍රහය තුල දැකිය හැක්කේ ඉහතින් සඳහන් කල විශේෂ කාරණයයි. එනම් ඇය සිය අත්දැකීම් කියන්නට කාව්‍ය භාෂාව යොදා ගන්නා ආකාරයයි. ඇගේ කවිකමේ ප්‍රබල විශේෂත්වය වන්නේ කවියට ප්රස්තූත වන අත්දැකීමට ගැලපෙන ලෙස සිය භාෂාව හැසිරවිමයි.
මේ,ඉසුරු චාමර සෝමවීර විසින් රචිත පළමු කෙටිකතා සංග්‍රහය වන ‘මලක් කතා කරයි ’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, කතුවරයාගේ සහ සංහිඳ ප්රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.
මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.
චමිලා මැණික්ගමගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘සඳ බිඳුණු ගොවිඳුහෙල’ සහෘද පාඨක අප අතට පත් වන්නේ සක්නද ප්රකාශනයක් ලෙසට ය. මෙම කාව්‍ය සංග්‍රහය වූ කලී අපූර්ව කාව්‍ය සංකල්පනා බොහොමයකින් අනූන වන අතර ඒ කාව්‍ය සංකල්පනා එකින් එක විඳගැනුම පාඨක අප සතු ය. නිස`දැස් හා සංක්ෂිප්ත යන ප්රවර්ගයන් වල කාව්‍යයන් වලින් සුසැදි කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත වන්නේම රට තුල ඇති ආර්ථික අර්බූදය මුද්‍රණ කර්මාන්තයට ද බලපා ඇති අවධියක වුවත් එය මිලට ගෙන කියවන්නෙකුට කිසිදු අවැඩක් වන්නේ නැති බව නම් පැවසිය යුතුම ය.
කවියකට, කෙටිකතාවකට හෝ නවකතාවකට අනුභූතිය සැපයෙන්නේ, තමා තල අත්දැකීම්, කාගෙන් හෝ අසා දැනගත් අත්දැකීමක් හෝ ජනමාධ්‍ය ඔස්සේ ලබා ගන්නා අත්දැකීම් යන ත්‍රිවිධ කාරණා මගිනි. කිවිඳිය මෙහි අඩංගු සියළු කාව්‍ය සංකල්පනා වලට අනුභූතිය සපයා ගන්නේ ඉහත ත්‍රිවිධ ආකාරයට විය හැකිය. අසමත් ගුරුවරිය, ආදරණීය මිනිසෙකුට වැනි පද්‍යයන් දෙස බැලූ කල කිවිඳිය සිය වෘත්තීය ජීවිතයේ දී ලබාගත් අත්දැකීම් විය යුතුය. කෙසේ නමුත් ඒ පද්‍ය පංතීන් අපූරුය නැවුම් ය.
” ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්” යනු අනිල් හේරත්ගේ දෙවන කෙටිකතා පොතයි.
මේ PDF ආකාරයෙන් නිකුත්කෙරෙනුයේ එහි තෝරාගත් පිටු කිහිපයකි.
මේ ගොනුව කතුවරයාගේ පූර්ණ අනුමැතිය ඇතුව නොමිලේ කියවිය හැකි, බාගත කළ හැකි හා බෙදාගත හැකි ආකාරයෙන් ඇතුලත් කර ඇත.
මුද්‍රිත පොත කියවනු රිසි අයෙක් වෙත්නම් පහත සබැඳියෙන් සයුර ප්‍රකාශකයන් වෙතින් පොත ගෙන්වාගත හැක.
https://sayurabooks.lk/product/terms-and-conditions/
![]()
කැත්ලින් ජයවර්ධනගේ ඉවුරු ගඟ සිදී ගිය දා කියවූවෙමි. අතිශය වෙහෙසක් දරා, විශාල සංයමයකින් ලියන ලද අනර්ඝ ලියවිල්ලකි. ඉතා වෙහෙසී කරනා ලද ගෙත්තමකි.
ලාංකීය සමාජයේ මූලික විශ්වාසයන් සියල්ලටම අතිශයින් බරපතල ලෙස අභියෝග කරමින් ලියන ලද මෙය තවමත් ‘ඉක්මනින් වලිග ගිණි ගන්නා පරම්පරාවේ’ දෑසට අසු නොවුණාද, නැතහොත් මේ වර්ගයේ පොතක් මුල සිට අග තෙක් කියවීමේ සංයමයක් මේ නරි නාටක මැද සොයාගැනීමට ඔවුනට හැකි නොවූයේදැයි මම නොදනිමි.
ඇය සයනයෙන් බසින්නී සෙමෙනි. ඒ ඉරට තවත් මද වෙලාවක් සුව නින්ද සදන්නට ය. ඉන්පසු ඇරඹෙනුයේ දෛනික යුද්ධයයි. ඇය සිය කවියෙහි භාවිතා කරනා යෙදුම් හරහා ගෘහණියකගේ පොදු අත්දැකීම නාටකීය බවකින් විදහයි.දරුවන් සැමියා සමග දවස ඇරඹීම, මග තොට ඇති අනතුරු, යළි නිවෙසෙහි දරුවන් සමග සටන මෙන්ම නිවසෙහි කුදු මහත් කටයුතු ඈ ඉදිරිපිට ය. මේ කිසිවක් වටිනාකමක් ලබනා කාර්යයන් නොවේ. එහෙත් ඇය දිනපතා එහි නියැලිය යුතු ය.
ඒ අතර ඇයට හමුවන තම වර්ගයාගේ ඛේදය ඇගේ ඇස් පාරයි. ඉදින් ඇය සොවින් නැගෙන්නී ය. සමාජයට අභියෝග කරමින් ම. ශුද්ධවන්ත ලෝකයක පාපී කතුන් සුධවල මිනිසුන්ට අසුබ ලකුණු ය. ඇය ඔවුන් වෙනුවෙන් නැගෙන්නී ය.