වාන් පතුල් (කෙටි කතා සංග්රහය ) – ශ්යාම කුමාර මුණසිංහ
වාන් පතුල් (කෙටි කතා සංග්රහය ) – ශ්යාම කුමාර මුණසිංහ


මේ,ඉසුරු චාමර සෝමවීර විසින් රචිත පළමු කෙටිකතා සංග්රහය වන ‘මලක් කතා කරයි ’ හි ඉලෙක්ට්රොනික පිටපතයි.
දැනට මුද්රණයේ නොමැති මෙම කෘතිය, කතුවරයාගේ සහ සංහිඳ ප්රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.
මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.
ජීවන්ති රත්නසේකර කිවිඳියගේ ‘තවම පරණයි කොළඹ’ කාව්ය සංග්රහය මා අතට පත්වනුයේ අහම්බෙනි. සන්ථව ප්රකාශනයක් ලෙස නිකුත් වන මේ කාව්ය එකතුව එක හුස්මට කියවිය හැකි වුවත් ඒ තුළ ගැබ්ව ඇති ජීවන යථාර්ථය නම් ගැඹුරු ය. සඳැස්, නිසඳැස්,සංක්ෂිප්ත යන ආර කීපයකින් සමන්විත වූ කාව්ය එකතුවක් ලෙස අප අතට පත් වන මෙම ග්රන්ථය තුළ අඩංගු කාව්ය වියමන් කෙමෙන් ලිහා ගැනීම පාඨක අපට භාරය. මෙතුළ අතරින් පතර සංක්ෂිප්ත කාව්ය කිහිපයක් අඩංගුකර තිබීම ම මා සිත්ගත් අපූරු කරතව්යයකි. කෙසේ වෙතත් සමස්ත කාව්යාවලියම විවිධාංගීකරණයට ලක්ව තිබීම පාඨකයාව ඒකාකාරී බවෙන් මුදවා ගැනීමට සමත් වන බව නම් පැවසිය යුතුම ය.
විශ්වවිද්යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්වවිද්යාල අධ්යාපනය ඇතුළත් කරමිනි.
තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්යාපනයෙහි එක් කේන්ද්රීය ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්වවිද්යාල අධ්යාපනයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි.
මේ නිසා, “රියල්” කියල දෙයක් තියෙනව නම්, පියැසි කවුළුවෙ බොහෝ චරිත අපි හිතන් ඉන්න “රියල්” එකෙනුත් රියල් එක වෙත යන්න සමත් වෙනවා. මේ සැබෑව සාහිත්ය නිර්මාණයකින් එළියට එද්දි කියවන පාඨකයාට, නිර්මාණ ලෝකයෙදි හමුවෙන චරිත සහ සැබෑ ජීවිතේ තමාත් ඇතුළු චරිත කියල වෙන ම කොටස් දෙකක් – පරතරයක් නැති ය, හැමෝම එකවගේය කියල හිතෙන්න ගන්නවා.
සුනන්දා කෙතරම් සුන්දර ද යත්…
තාක්ෂණයේ දියුණුවත් සමග ම මිනිස් සත්වයා සතුව පවත්නා බොහෝ දක්ෂතා වැළලී යනවා මෙන්ම තවත් දක්ෂතා කරළියට පැමිණේ; ඒ තාක්ෂණය ඔස්සේ ම ඔවුහු සිය දක්ෂතා වර්ධනය කරගනිති. මේ ආකාරයට තම දක්ෂතා වර්ධනය කරගත් මාධ්යවයක් ලෙස Face book (මුහුණු පොත) හැඳින්විය හැකි ය. එතුළින් වල්-පල් ලියන අය අතර තම කාව්යF දක්ෂතා වර්ධනය කරගත් නිර්මාණකාරිනියක ලෙස රෝහිණි ජයන්ති ලියනගේ හැඳින්විය හැකි ය. කවියට, කෙටිකතාවට මතු නොව නවකතාවට ද දක්ෂතා දක්වන ඇය පසුගිය දි සිය කුළුදුල් කාව්යි සංග්රයහය ජනගත කළා ය. කාතිය නම් කර තිබුණේ ‘‘සුන්දර සුනන්දා’’ යනුවෙනි. අද මගේ විචාරක්ෂිය යොමු වන්නේ මෙම කාව්යන සංග්රිහය කෙරෙහි ය.
මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත කෘතිය දැනටමත් අපේ සමාජයේ විවිධ තලවල සංවාද වෙත ආලෝකය ගෙනා කෘතියක් බව පෙනෙනව. සමකාලීන අධ්යාපනයේ නව ලිබරල් මුහුණත සහ නිදහස්කාරක අධ්යාපනයේ හරයාත්මක වටිනාකම්, ශ්රි ලංකා විශ්වවිද්යාලයේ ෙඑතිහාසික විකාශනයේ අවවර්ධනය, වැඩ ලෝකය-අධ්යාපනයේ උපයෝගීතාවාදී භාවිතය සහ කරණීය තර්කරණය, නිදහස් කලා අධ්යාපනයේ ගුරු ශිෂ්ය භූමිකා, මානවශාස්ත්ර අධ්යාපනයේ ව්යුහාත්මක ගැටලු සහ පොදුවේ ශාස්ත්රාලය සහ ශාස්ත්රාලයික බව ගැන අර්ථවත් සංවාදයක් මතු කෙරෙන න්යායික සහ ෙඑතිහාසික ප්රවේශ ගණනාවක් මේ කෘතිය මගින් පැනෙනව පෙනෙනව. මේ කෙටි සටහන පොතේ එන ඒ සියල්ල පිළිබඳ සාකල්යර්ථවත් අවලෝකනයක් නෙමෙයි. එහෙම කරනව නම් ඒක තවත් ග්රන්ථ ප්රමාණ අභ්යාසයක්. මම උත්සාහ කරන්නෙ මේ කෘතිය මගින් පොදුවේ ආමන්ත්රණය කරන එක් අදහසක් පමණක් සලකාබැලීමට විතරයි. අනිත් අතට මෙවැනි පොතක් ගැන කරන කතාවක් යනු පොත නොකියවූ අයට කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම හෝ පොතෙහි එන විස්තෘත කරුණුවල පටුනක් සේ පෙනෙන පෙළගැස්මක් සැදීම නෙමෙයි. ආධුනික ශාස්ත්රකාමියෙකු ලෙස පුද්ගලිකව මම මේ කෘතියෙහි කැමතිම පරිච්ඡේදය තමයි -නිදහස් කලා අධ්යාපනය, නිදහස්කරක අධ්යාපනය සහ ශ්රේෂ්ඨ ග්රන්ථ- නමැති පරිච්ඡේදය. ඒත් මම ඒ සංවාද දැනට මගහැර යනව.