තෙමි තෙමිම මම ( කාව්‍යය) – දමිත් උදයංග දහනායක
|

තෙමි තෙමිම මම ( කාව්‍යය) – දමිත් උදයංග දහනායක

වසර 2014 දී පලවූ, පාඨක අවධානය නොඅඩුව දිනාගත් දමිත් උදයංග දහනායකගේ පළමු කාව්‍ය සංග්‍රහය, “තෙමි තෙමිම මම” කාව්‍ය සංග්‍රහයෙහි ඉලෙක්ට්‍රොනික පිටපත කතුවරයාගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

“තෙමි තෙමිම මම” කර්තෘ ප්‍රකාශනයක් වන අතර මේ ඊ-පිටපත නොමිළේ බෙදා හැරෙන්නකි.

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්
|

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්

මේ, කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ දෙ⁣වන කාව්‍ය ග්‍රන්ථය වන ‘ඔබ ගැඹුරු නින්දක’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
මෙහි එන ‘ඇඹුල්’ කවිය දැනට වසර කීපයක් තිස්සේ උසස් පෙළ සිංහල නිර්දේශය යටතේ ඉගැන්වෙන අතර තවත් කවියක් 2024 වසරේ සිට සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නියමිතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, අමතර කියවීමක් සඳහා පාසල් දරුවන් වෙනුවෙන් ද ඇගේ පාඨකයින් වෙනුවෙන් ද කතුවරියගේ සහ සන්ථව ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

Loading

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ
|

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ

අක්කරෙයිපත්තු අක්ෂර (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2016
සනහස ප්‍රකාශනයක්

‘ අක්කරෙයිපත්තු අක්ෂර’ , චලක ප්‍රමුදිත ලුණුවිලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. සනහස ප්‍රකාශනයක් වන මෙය ජනගත වන්නේ 2016 වර්ෂයේදී.
මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරයාගේ පූර්ණ අවසරය සහිතව මෙලෙස බෙදා හැරේ.

Loading

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම
| |

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ ගැන කතා කරාවි. නමුත් සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන යම් අදහසක් කියලා ඉරේෂාගේ පොත ගැන පොදු අදහසක් දක්වන්නම්, ඉඩක් තිබ්බොත් කවියක් දෙකක් එක්ක.

විශේෂයෙන් ම මම කැමතියි අපේ කිවිඳියන් කවි ලියූ යුග දෙකක් මතු කර දක්වන්න. ඒ සිගිරිය සහ මාතර යුගය.

පළමුවෙන් ම ලාංකේය කාව්‍ය ඉතිහාසයේ කිවිඳියක් හමු වන්නේ ක්‍රි.පූ 6 වැනි සියවසේ අග්බෝ රජ දවස බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එවකට විසූ දොළොස් මහා කවියන් අතර කිවිඳියන් දෙදෙනෙකු සිටී බැව් දැක්වෙන අතර දළ බිසෝ සහ බාදිරියා එකී කිවිඳියන් දෙදෙනා කියලයි සඳහන් වෙන්නේ.

මේ නිහඬ වෙරළට එන්න- මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
|

මේ නිහඬ වෙරළට එන්න- මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

මේ නිහඬ වෙරළට එන්න (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2011
බූන්දි ප්‍රකාශනයක්

මේ නිහඬ වෙරළට එන්න’ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. බූන්දි ප්‍රකාශනයක් වන මෙය ජනගත
වන්නේ 2011 වර්ෂයේදී. පාඨක විචාරක අවධානය ලබා ගත් මේ කෘතිය මේ වන විට මුද්‍රණයේ නැහැ. කෙසේ වෙතත් තවමත් ඇති පාඨක ඉල්ලීම් නිසා ම මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරියගේ පූර්ණ අවසරය සහිතව අපි මෙහි ඇතුළත් කරමු.

Loading

සහස් කඳු තරණ මං පෙත් – කෞශල්‍යා ජයලත්
| |

සහස් කඳු තරණ මං පෙත් – කෞශල්‍යා ජයලත්

ඇය සයනයෙන් බසින්නී සෙමෙනි. ඒ ඉරට තවත් මද වෙලාවක් සුව නින්ද සදන්නට ය. ඉන්පසු ඇරඹෙනුයේ දෛනික යුද්ධයයි. ඇය සිය කවියෙහි භාවිතා කරනා යෙදුම් හරහා ගෘහණියකගේ පොදු අත්දැකීම නාටකීය බවකින් විදහයි.දරුවන් සැමියා සමග දවස ඇරඹීම, මග තොට ඇති අනතුරු, යළි නිවෙසෙහි දරුවන් සමග සටන මෙන්ම නිවසෙහි කුදු මහත් කටයුතු ඈ ඉදිරිපිට ය. මේ කිසිවක් වටිනාකමක් ලබනා කාර්යයන් නොවේ. එහෙත් ඇය දිනපතා එහි නියැලිය යුතු ය.
ඒ අතර ඇයට හමුවන තම වර්ගයාගේ ඛේදය ඇගේ ඇස් පාරයි. ඉදින් ඇය සොවින් නැගෙන්නී ය. සමාජයට අභියෝග කරමින් ම. ශුද්ධවන්ත ලෝකයක පාපී කතුන් සුධවල මිනිසුන්ට අසුබ ලකුණු ය. ඇය ඔවුන් වෙනුවෙන් නැගෙන්නී ය.

සඳ බිඳුණු ගොවිඳුහෙල – චමිලා මැණික්ගමගේ
| |

සඳ බිඳුණු ගොවිඳුහෙල – චමිලා මැණික්ගමගේ

චමිලා මැණික්ගමගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘සඳ බිඳුණු ගොවිඳුහෙල’ සහෘද පාඨක අප අතට පත් වන්නේ සක්නද ප්‍රකාශනයක් ලෙසට ය. මෙම කාව්‍ය සංග්‍රහය වූ කලී අපූර්ව කාව්‍ය සංකල්පනා බොහොමයකින් අනූන වන අතර ඒ කාව්‍ය සංකල්පනා එකින් එක විඳගැනුම පාඨක අප සතු ය. නිස`දැස් හා සංක්‍ෂිප්ත යන  ප්‍රවර්ගයන් වල කාව්‍යයන් වලින් සුසැදි කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත වන්නේම රට තුල ඇති ආර්ථික අර්බූදය මුද්‍රණ කර්මාන්තයට ද බලපා ඇති අවධියක වුවත් එය මිලට ගෙන කියවන්නෙකුට කිසිදු අවැඩක් වන්නේ නැති බව නම් පැවසිය යුතුම ය.
කවියකට, කෙටිකතාවකට හෝ නවකතාවකට අනුභූතිය සැපයෙන්නේ, තමා තල අත්දැකීම්, කාගෙන් හෝ අසා දැනගත් අත්දැකීමක් හෝ ජනමාධ්‍ය ඔස්සේ ලබා ගන්නා අත්දැකීම් යන ත්‍රිවිධ කාරණා මගිනි. කිවිඳිය මෙහි අඩංගු සියළු කාව්‍ය සංකල්පනා වලට අනුභූතිය සපයා ගන්නේ ඉහත ත්‍රිවිධ ආකාරයට විය හැකිය. අසමත් ගුරුවරිය, ආදරණීය මිනිසෙකුට වැනි පද්‍යයන් දෙස බැලූ කල කිවිඳිය සිය වෘත්තීය ජීවිතයේ දී ලබාගත් අත්දැකීම් විය යුතුය. කෙසේ නමුත් ඒ පද්‍ය පංතීන් අපූරුය නැවුම් ය.

තවම පරණයි කොළඹ – ජීවන්ති රත්නසේකර
| |

තවම පරණයි කොළඹ – ජීවන්ති රත්නසේකර

ජීවන්ති රත්නසේකර කිවිඳියගේ ‘තවම පරණයි කොළඹ’ කාව්‍ය සංග්‍රහය මා අතට පත්වනුයේ අහම්බෙනි. සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් වන මේ කාව්‍ය එකතුව එක හුස්මට කියවිය හැකි වුවත් ඒ තුළ ගැබ්ව ඇති ජීවන යථාර්ථය නම් ගැඹුරු ය. සඳැස්, නිසඳැස්,සංක්ෂිප්ත යන ආර කීපයකින් සමන්විත වූ කාව්‍ය එකතුවක් ලෙස අප අතට පත් වන මෙම ග්‍රන්ථය තුළ අඩංගු කාව්‍ය වියමන් කෙමෙන් ලිහා ගැනීම පාඨක අපට භාරය. මෙතුළ අතරින් පතර සංක්ෂිප්ත කාව්‍ය කිහිපයක් අඩංගුකර තිබීම ම මා සිත්ගත් අපූරු කරතව්‍යයකි. කෙසේ වෙතත් සමස්ත කාව්‍යාවලියම විවිධාංගීකරණයට ලක්ව තිබීම පාඨකයාව ඒකාකාරී බවෙන් මුදවා ගැනීමට සමත් වන බව නම් පැවසිය යුතුම ය.

සුන්දරයි සුනන්දා- විචාරය
| |

සුන්දරයි සුනන්දා- විචාරය

සුනන්දා කෙතරම් සුන්දර ද යත්…
තාක්ෂණයේ දියුණුවත් සමග ම මිනිස් සත්වයා සතුව පවත්නා බොහෝ දක්ෂතා වැළලී යනවා මෙන්ම තවත් දක්ෂතා කරළියට පැමිණේ; ඒ තාක්ෂණය ඔස්සේ ම ඔවුහු සිය දක්ෂතා වර්ධනය කරගනිති. මේ ආකාරයට තම දක්ෂතා වර්ධනය කරගත් මාධ්යවයක් ලෙස Face book (මුහුණු පොත) හැඳින්විය හැකි ය. එතුළින් වල්-පල් ලියන අය අතර තම කාව්යF දක්ෂතා වර්ධනය කරගත් නිර්මාණකාරිනියක ලෙස රෝහිණි ජයන්ති ලියනගේ හැඳින්විය හැකි ය. කවියට, කෙටිකතාවට මතු නොව නවකතාවට ද දක්ෂතා දක්වන ඇය පසුගිය දි සිය කුළුදුල් කාව්යි සංග්රයහය ජනගත කළා ය. කාතිය නම් කර තිබුණේ ‘‘සුන්දර සුනන්දා’’ යනුවෙනි. අද මගේ විචාරක්ෂිය යොමු වන්නේ මෙම කාව්යන සංග්රිහය කෙරෙහි ය.

කහට ගවුමක අයිතිකාරිය-කෞශල්‍යා  ජයලත්
|

කහට ගවුමක අයිතිකාරිය-කෞශල්‍යා ජයලත්

කවිය පිළිබඳ අදහස් දක්වන ඉංග්‍රීසි කවියෙකු වන මැතිව් ආර්නෝල්ඩ් පවසන්නේ, ″එය ගිනි පුලිඟුවක් අහසින් කඩා වැටිම හා සමාන දෙයකි. කවිය යනු ඉතා මනරම්, විශ්මය ජනක මෙන්ම පුලුල් ලෙස දේවල් ප්‍රකාශ කළහැකි ආකාරයකි.″ යනුවෙනි. කවිය මනරම්, විශ්මය වහා  ප්‍රයෝගයක් වන්නේ භාෂාව පදනම් කරගෙනය. සිය භාෂාව කාව්‍යමය තලයක තබා කපාකොට ගත හැකි කවියෙකුට සිය කවිකම් මනාව විදහා දැක්විය හැකිය. එසේ කිරීමට නම් කවියා සිය භාෂාවේ එන විදග්ධ ව්‍යවාහාරය, ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන ව්‍යවාහාරය, විදෙස් වහර, පැරණි ගද්‍ය පද්‍ය භාෂාව  පමණක් නොව එහි එන තාක්‍ෂණික යෙදුම් මෙන්ම උප භාෂා ආදියේ එන ලක්ෂණයන් ද අනිවාර්යෙන් දැන සිටිය යුතුය. එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද කවියා උත්සුක විය යුතුය.

කෞශල්‍යා ජයලත් කිවිඳිය ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය සංග්‍රහය තුල දැකිය හැක්කේ ඉහතින් සඳහන් කල විශේෂ කාරණයයි. එනම් ඇය සිය අත්දැකීම් කියන්නට කාව්‍ය භාෂාව යොදා ගන්නා ආකාරයයි. ඇගේ කවිකමේ ප්‍රබල විශේෂත්වය වන්නේ කවියට ප්‍රස්තූත වන අත්දැකීමට ගැලපෙන ලෙස සිය භාෂාව හැසිරවිමයි.