ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්
|

ඔබ ගැඹුරු නින්දක (කාව්‍ය) – කල්පනා ඇම්බ්‍රෝස්

මේ, කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ දෙ⁣වන කාව්‍ය ග්‍රන්ථය වන ‘ඔබ ගැඹුරු නින්දක’ හි ඉලෙක්ට්‍රොනික පිටපතයි.
මෙහි එන ‘ඇඹුල්’ කවිය දැනට වසර කීපයක් තිස්සේ උසස් පෙළ සිංහල නිර්දේශය යටතේ ඉගැන්වෙන අතර තවත් කවියක් 2024 වසරේ සිට සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නියමිතයි.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතිය, අමතර කියවීමක් සඳහා පාසල් දරුවන් වෙනුවෙන් ද ඇගේ පාඨකයින් වෙනුවෙන් ද කතුවරියගේ සහ සන්ථව ප්‍රකාශකයින්ගේ පූර්ණ අවසරය ඇතිව අපි මෙහි පළ කරමු.

Loading

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ
|

අක්කරෙයිපත්තු අක්ෂර – චලක ප්‍රමුදිත ලුණුවිලගේ

අක්කරෙයිපත්තු අක්ෂර (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2016
සනහස ප්‍රකාශනයක්

‘ අක්කරෙයිපත්තු අක්ෂර’ , චලක ප්‍රමුදිත ලුණුවිලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. සනහස ප්‍රකාශනයක් වන මෙය ජනගත වන්නේ 2016 වර්ෂයේදී.
මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරයාගේ පූර්ණ අවසරය සහිතව මෙලෙස බෙදා හැරේ.

Loading

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම
| |

සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන – ළහිරු කිතලගම

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ ගැන කතා කරාවි. නමුත් සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන යම් අදහසක් කියලා ඉරේෂාගේ පොත ගැන පොදු අදහසක් දක්වන්නම්, ඉඩක් තිබ්බොත් කවියක් දෙකක් එක්ක.

විශේෂයෙන් ම මම කැමතියි අපේ කිවිඳියන් කවි ලියූ යුග දෙකක් මතු කර දක්වන්න. ඒ සිගිරිය සහ මාතර යුගය.

පළමුවෙන් ම ලාංකේය කාව්‍ය ඉතිහාසයේ කිවිඳියක් හමු වන්නේ ක්‍රි.පූ 6 වැනි සියවසේ අග්බෝ රජ දවස බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එවකට විසූ දොළොස් මහා කවියන් අතර කිවිඳියන් දෙදෙනෙකු සිටී බැව් දැක්වෙන අතර දළ බිසෝ සහ බාදිරියා එකී කිවිඳියන් දෙදෙනා කියලයි සඳහන් වෙන්නේ.

සැණෙළි වියුම් – දෙවන සංස්කරණය
|

සැණෙළි වියුම් – දෙවන සංස්කරණය

මේ 2017 දී මුද්‍රණයෙන් එළි දැක්වුණ ‘සැණෙළි වියුම්’ කෙටිකතා සංග්‍රහයේ සංස්කරණය කරණ ලද ඉලෙක්ට්‍රොනික පිටපතයි. මුල් කෘතියේ අන්තර්ගත සියළුම කතා මෙහි අන්තර්ගතවන අතර කතෘ විසින් ඒ සියළු කතා යලි සංස්කරණය කර ඇත්තේ ය. ඒ නිසා මුල් කෘතිය කියවූ අයෙකුට වුවත් මෙම කියවීම නැවුම් අත්දැකීමක්වනු ඇතැයි විශ්වාස කරමු.

Loading

ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ( කෙටිකතා – තෝරාගත් පිටු )
|

ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ( කෙටිකතා – තෝරාගත් පිටු )

” ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්” යනු අනිල් හේරත්ගේ දෙවන කෙටිකතා පොතයි.
මේ PDF ආකාරයෙන් නිකුත්කෙරෙනුයේ එහි තෝරාගත් පිටු කිහිපයකි.

මේ ගොනුව කතුවරයාගේ පූර්ණ අනුමැතිය ඇතුව නොමිලේ කියවිය හැකි, බාගත කළ හැකි හා බෙදාගත හැකි ආකාරයෙන් ඇතුලත් කර ඇත.

මුද්‍රිත පොත කියවනු රිසි අයෙක් වෙත්නම් පහත සබැඳියෙන් සයුර ප්‍රකාශකයන් වෙතින් පොත ගෙන්වාගත හැක.
https://sayurabooks.lk/product/terms-and-conditions/

Loading

මේ නිහඬ වෙරළට එන්න- මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
|

මේ නිහඬ වෙරළට එන්න- මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

මේ නිහඬ වෙරළට එන්න (කාව්‍ය)
පළමු මුද්‍රණය- 2011
බූන්දි ප්‍රකාශනයක්

මේ නිහඬ වෙරළට එන්න’ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. බූන්දි ප්‍රකාශනයක් වන මෙය ජනගත
වන්නේ 2011 වර්ෂයේදී. පාඨක විචාරක අවධානය ලබා ගත් මේ කෘතිය මේ වන විට මුද්‍රණයේ නැහැ. කෙසේ වෙතත් තවමත් ඇති පාඨක ඉල්ලීම් නිසා ම මෙම කාව්‍ය ග්‍රන්ථය ඊ-පොතක් ලෙස සහ pdf ආකාරයෙන් නොමිලේ බාගත කළ හැකි පරිදි කතුවරියගේ පූර්ණ අවසරය සහිතව අපි මෙහි ඇතුළත් කරමු.

Loading

පාඨනයේ සහෝදර බැම්ම සහ පාඨක ප්‍රතිචාර විචාරය (ප්‍රභාත් ජයසිංහගේ ‘පස් ලෝ’ එන කෙටිකතාවක් ඇසුරින්) – සුදර්ශන සමරවීර
| |

පාඨනයේ සහෝදර බැම්ම සහ පාඨක ප්‍රතිචාර විචාරය (ප්‍රභාත් ජයසිංහගේ ‘පස් ලෝ’ එන කෙටිකතාවක් ඇසුරින්) – සුදර්ශන සමරවීර

“ලෝක කෙටිකතා කලාව පිළිබඳ න්‍යායික පිහිටුමක සිට මේ පස්ලෝහි එන කෙටිකතා ‘කෙටිකතා’ සේ පිහිටුවිය හැක්කේ කෙසේද?” වැනි දෘඪ න්‍යායික රාමුවක සිට කතා කරන්න ඉඩහසර ඇති පරිසරයක සිට නෙමෙයි මම කතාකරන්නෙ. කැමතිම රචකයෙක්ගෙ කැමති පොතක් ගැන ටිකක් අසාධාරණ ඒ්ත් කෙටිකතා ප්‍රිය පාඨකයෙක්ට මේ කතා දෙස එබී බැලිය හැකි එක් කුඩා කවුළුවක් විවර කරගන්නයි මම හදන්නෙ. තව අතුරු කතාවක්. ප්‍රභාත් ජයසිංහගේ ‘කෙටිකතා චක්‍ර’ යන හඳුන්වාදීම ඔස්සේ ආ ‘රස පොළව’නම් කෙටිකතා කෘතිය ගැන මා කලෙකට පෙර ලියූ සටහන මා නම් කළේ “රස පොළව ගැන සහෝදර කියවීමක්” නමින්. “කියවීම” සහෝදර වෙන්නෙ කොහොමද? චිරන්තන පෙරදිග සාහිත්‍ය විචාරයේත් අපට අතීතයේ සිට හමු වූ ‘සහෘදයා’ පිළිබඳ – සමාන හදවතක් ඇත්තා – වැනි අදහස් මතකයි. එතකොට මම ‘රස පොළව’ ගැන සහෝදර කියවීම කරද්දි එහි කතුවරයා, ප්‍රභාත් ජයසිංහට ‘සහෝදරයා’ වීම නෙමෙයි අදහස් කළේ. කෙටිකතා වෙත, කෙටිකතා කලාව වෙත සහෝදර වීම. සහෘද නෙමෙයි. සහෘදයා යන්නෙදි සමාන හෘදය නම් සහෝදරයා යන්නෙදි සමාන උදරය අදහස් වෙනව. මම මතු කරන්න උත්සාහ කළේ එහි ඒ් කෘතිය වෙත සහෝදර මානය. මම ඒ රචනයේදී ප්‍රභාත් ජයසිංහ නමැති කෙටිකතාකරුවා මෙතෙක් කෙටිකතා කෘති කිහිපයක් ඔස්සේ ගොඩනගන ලද කෙටිකතාමය ස්ව ශානරයේ ගතිකයන්, කතා කලාවේ figurative language එක, රූපකාර්ථ යථාර්ථවාදය, ඒ ඒ කතා ඇසුරෙන් මතු කරන තේමාත්මක එළඹුම් ආදිය ගැන ඉඟි කරන්න උත්සාහ කළා. ඒ පොතට විතරක් නෙමෙයි ඔහුගෙ සමස්ත කතා කලාව වෙතම වන සහෝදරාත්මක ආත්මයක් දල්වාලන්න මම එදා ප්‍රවේශයේදි උත්සාහ කළා. නමුත් අද මගේ අදහස් දැක්වීමෙදි ඒ ප්‍රමාණයෙන් තරමක හෝ පුළුල් ප්‍රවේශයක් ගන්න මට අපහසුයි.

මං ගන්න හදන්නෙ ක්ෂුද්‍ර එළඹුමක්. කවි සහ කෙටිකතා පොත් අටක් ලියූ ලේඛකයෙක්ගෙ කෙටිකතා අටක් ඇති ඔහුගෙ අටවෙනි පොතේ එක කතාවකට පමණක් මගේ කියවීම සීමා කරන්නයි හදන්නෙ. මගෙ ක්ෂුද්‍ර අදහස මේ සංවාදයේ පිහිටුවීම පිණිස මගේ පහසුව සඳහා සාහිත්‍ය න්‍යායේ එන අදහසක ආලෝකය ලැබීම රුකුලක්.

සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද? – සුදර්ශන සමරවීර
| |

සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද? – සුදර්ශන සමරවීර

මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත කෘතිය දැනටමත් අපේ සමාජයේ විවිධ තලවල සංවාද වෙත ආලෝකය ගෙනා කෘතියක් බව පෙනෙනව. සමකාලීන අධ්‍යාපනයේ නව ලිබරල් මුහුණත සහ නිදහස්කාරක අධ්‍යාපනයේ හරයාත්මක වටිනාකම්, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ ‌ෙඑතිහාසික විකාශනයේ අවවර්ධනය, වැඩ ලෝකය-අධ්‍යාපනයේ උපයෝගීතාවාදී භාවිතය සහ කරණීය තර්කරණය, නිදහස් කලා අධ්‍යාපනයේ ගුරු ශිෂ්‍ය භූමිකා, මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ගැටලු සහ පොදුවේ ශාස්ත්‍රාලය සහ ශාස්ත්‍රාලයික බව ගැන අර්ථවත් සංවාදයක් මතු කෙරෙන න්‍යායික සහ ‌ෙඑතිහාසික ප්‍රවේශ ගණනාවක් මේ කෘතිය මගින් පැනෙනව පෙනෙනව. මේ කෙටි සටහන පොතේ එන ඒ සියල්ල පිළිබඳ සාකල්‍යර්ථවත් අවලෝකනයක් නෙමෙයි. එහෙම කරනව නම් ඒක තවත් ග්‍රන්ථ ප්‍රමාණ අභ්‍යාසයක්. මම උත්සාහ කරන්නෙ මේ කෘතිය මගින් පොදුවේ ආමන්ත්‍රණය කරන එක් අදහසක් පමණක් සලකාබැලීමට විතරයි. අනිත් අතට මෙවැනි පොතක් ගැන කරන කතාවක් යනු පොත නොකියවූ අයට කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම හෝ පොතෙහි එන විස්තෘත කරුණුවල පටුනක් සේ පෙනෙන පෙළගැස්මක් සැදීම නෙමෙයි. ආධුනික ශාස්ත්‍රකාමියෙකු ලෙස පුද්ගලිකව මම මේ කෘතියෙහි කැමතිම පරිච්ඡේදය තමයි -නිදහස් කලා අධ්‍යාපනය, නිදහස්කරක අධ්‍යාපනය සහ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ- නමැති පරිච්ඡේදය. ඒත් මම ඒ සංවාද දැනට මගහැර යනව.

සහස් කඳු තරණ මං පෙත් – කෞශල්‍යා ජයලත්
| |

සහස් කඳු තරණ මං පෙත් – කෞශල්‍යා ජයලත්

ඇය සයනයෙන් බසින්නී සෙමෙනි. ඒ ඉරට තවත් මද වෙලාවක් සුව නින්ද සදන්නට ය. ඉන්පසු ඇරඹෙනුයේ දෛනික යුද්ධයයි. ඇය සිය කවියෙහි භාවිතා කරනා යෙදුම් හරහා ගෘහණියකගේ පොදු අත්දැකීම නාටකීය බවකින් විදහයි.දරුවන් සැමියා සමග දවස ඇරඹීම, මග තොට ඇති අනතුරු, යළි නිවෙසෙහි දරුවන් සමග සටන මෙන්ම නිවසෙහි කුදු මහත් කටයුතු ඈ ඉදිරිපිට ය. මේ කිසිවක් වටිනාකමක් ලබනා කාර්යයන් නොවේ. එහෙත් ඇය දිනපතා එහි නියැලිය යුතු ය.
ඒ අතර ඇයට හමුවන තම වර්ගයාගේ ඛේදය ඇගේ ඇස් පාරයි. ඉදින් ඇය සොවින් නැගෙන්නී ය. සමාජයට අභියෝග කරමින් ම. ශුද්ධවන්ත ලෝකයක පාපී කතුන් සුධවල මිනිසුන්ට අසුබ ලකුණු ය. ඇය ඔවුන් වෙනුවෙන් නැගෙන්නී ය.

සඳ බිඳුණු ගොවිඳුහෙල – චමිලා මැණික්ගමගේ
| |

සඳ බිඳුණු ගොවිඳුහෙල – චමිලා මැණික්ගමගේ

චමිලා මැණික්ගමගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘සඳ බිඳුණු ගොවිඳුහෙල’ සහෘද පාඨක අප අතට පත් වන්නේ සක්නද ප්‍රකාශනයක් ලෙසට ය. මෙම කාව්‍ය සංග්‍රහය වූ කලී අපූර්ව කාව්‍ය සංකල්පනා බොහොමයකින් අනූන වන අතර ඒ කාව්‍ය සංකල්පනා එකින් එක විඳගැනුම පාඨක අප සතු ය. නිස`දැස් හා සංක්‍ෂිප්ත යන  ප්‍රවර්ගයන් වල කාව්‍යයන් වලින් සුසැදි කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත වන්නේම රට තුල ඇති ආර්ථික අර්බූදය මුද්‍රණ කර්මාන්තයට ද බලපා ඇති අවධියක වුවත් එය මිලට ගෙන කියවන්නෙකුට කිසිදු අවැඩක් වන්නේ නැති බව නම් පැවසිය යුතුම ය.
කවියකට, කෙටිකතාවකට හෝ නවකතාවකට අනුභූතිය සැපයෙන්නේ, තමා තල අත්දැකීම්, කාගෙන් හෝ අසා දැනගත් අත්දැකීමක් හෝ ජනමාධ්‍ය ඔස්සේ ලබා ගන්නා අත්දැකීම් යන ත්‍රිවිධ කාරණා මගිනි. කිවිඳිය මෙහි අඩංගු සියළු කාව්‍ය සංකල්පනා වලට අනුභූතිය සපයා ගන්නේ ඉහත ත්‍රිවිධ ආකාරයට විය හැකිය. අසමත් ගුරුවරිය, ආදරණීය මිනිසෙකුට වැනි පද්‍යයන් දෙස බැලූ කල කිවිඳිය සිය වෘත්තීය ජීවිතයේ දී ලබාගත් අත්දැකීම් විය යුතුය. කෙසේ නමුත් ඒ පද්‍ය පංතීන් අපූරුය නැවුම් ය.