| |

සුන්දරයි සුනන්දා- විචාරය

මේ සතියේ (17/07/16) ‘‘සත්හඬ“
පොතේ නම:  සුන්දරයි සුනන්දා
ප්‍රවර්ගය: කාව්‍ය
කතෘ :  රෝහිණී ජයන්ති ලියනගේ
පරිවර්තක/ අනුවර්තක/සංස්කාරක: 
ප්‍රකාශනය: කවිවර ප්‍රකාශන 
විස්තරය හෝ විචාරය :  
සටහන ලියූ කෙනා / සබැඳිය : ජයසිරි අලවත්ත
ඡායාරූප:
*****************************
සුනන්දා කෙතරම් සුන්දර ද යත්…
තාක්ෂණයේ දියුණුවත් සමග ම මිනිස් සත්වයා සතුව පවත්නා බොහෝ දක්ෂතා වැළලී යනවා මෙන්ම තවත් දක්ෂතා කරළියට පැමිණේ; ඒ තාක්ෂණය ඔස්සේ ම ඔවුහු සිය දක්ෂතා වර්ධනය කරගනිති. මේ ආකාරයට තම දක්ෂතා වර්ධනය කරගත් මාධ්යවයක් ලෙස Face book (මුහුණු පොත) හැඳින්විය හැකි ය. එතුළින් වල්-පල් ලියන අය අතර තම කාව්යF දක්ෂතා වර්ධනය කරගත් නිර්මාණකාරිනියක ලෙස රෝහිණි ජයන්ති ලියනගේ හැඳින්විය හැකි ය. කවියට, කෙටිකතාවට මතු නොව නවකතාවට ද දක්ෂතා දක්වන ඇය පසුගිය දි සිය කුළුදුල් කාව්යි සංග්රයහය ජනගත කළා ය. කාතිය නම් කර තිබුණේ ‘‘සුන්දර සුනන්දා’’ යනුවෙනි. අද මගේ විචාරක්ෂිය යොමු වන්නේ මෙම කාව්යන සංග්රිහය කෙරෙහි ය.
මෙම කෘතිය ඇසුරු කිරීමේ දී දක්නට ලැබුණු විශේෂත්වයක් නම් රෝහිණි සිය නිර්මාණ එකතුව සඳහා විවිධ අනුභූති පාදක කරගෙන ඇති බව සහ ඇය සඳැස් ආරට වඩාත් ආශක්ත බවයි. එහි වඩා වැදගත් ම කරුණ වන්නේ සඳැස් ආරෙන් රචිත නිර්මාණ තුළ වුව ද හුදු සිද්ධිවාචක කාව්යිකරණයෙන් ඔබ්බට ගොස් ව්යංේගාර්ථ සහිත නිර්මාණ අන්තර්ගත වීම ය. සඳැස් ආරෙන් ව්යංයගාර්ථ සහිත කවි දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. ඒ අතුරින් මසිත් පැහැරගත් නිර්මාණයක් ලෙස ‘‘සැඳෑ සමය’’ නිර්මාණය හැඳින්වීමට කැමැත්තෙමි. මෙය ඉදිරිපත් කරන්නේ ද කථකයකු සහ කථකාවියක විම ද විශේෂිත ය.
අපි මහලු වයසේ
මෙම සමස්ත කාව්යවය නිර්මාණය ම එක මිටට ගෙන විදහා ලූ කල දක්නට ලැබෙන්නේ වයෝවෘද්ධ ප්ර ජාවගේ ඛේචදවාචකය යි. සැබැවින් ම මෙය ලංකාව බඳු අවර්ධිත රටවල් කෙරෙහි විශේෂයෙන් අත්දකින ඛේදයකි. කිවිඳිය එකී අනුභූතිය වියපත් අඹු සැමි යුවළකගේ දෙබස් ඛණ්ඩයක් ලෙස කවියට නගන්නී ය.
කථකයාගේ වයෝවෘද්ධ භාවය පිළිබිඹු කරනු වස් කිවිඳිය යොදාගන්නා වචනාර්ථ ඉතා අලංකාර ය.
සිනාසෙනු බැහැ පෙර ලෙසට දැන් දසන් සේරම ගිලිහිලා
පිරුණ දෙකොපුල එදාමෙන් නැහැ සොඳුර නුඹෙ රත්  පැහැවෙලා
මහලු වියට පත්වන විට හිස කෙස් පමණක් නොව දත් ද කෙමෙන් කෙමන් මුවෙන් ගිලිහී වැටේ. කාන්තාවකගේ මතු නොව පුරුෂයකුගේ වුව දෙකොපුළ වළ ගැසී, එහි සුසිනිඳු බව වියැකී ගොරහැඩි බවක් ගනී. එකී ස්වාභාවික වෙනස කිවිඳිය කවියට නගනා ආකාර ය අපූරු ය.
කථකාවිය පෙරළා පවසන්නේ සිය ස්වාමියාගේ ඔවදන් පසක් කරගත් බවයි.
දනිමි හිමියනි එදාමෙන් නැහැ අපේ ගත දැන්  වැහැරිලා
එහෙත් ඇගේ සිතේ බුර බුරා නගෙන දරු පෙම උද්දීපනය කරන්නට කිවිඳිය දරනා තැත ප්රබශංසනීය ය.
දරුපෙමින් සිත දවන අරුමය  නෙතු කඳුළු යයි  විසිරිලා
වියළුණ ද කිරි දෙතන් පුඩුවල  සුවඳ එලෙසම  රැඳවිලා
ඇගේ වේදනාව කෙතෙක් ද යන්න ගම්යද වන්නේ දෙනෙතින් නැගී විසිර යන කඳුළු බිඳු යි. එමෙන් ම එදා ලේ කිරි කර දුන් පියොවුරු තුළ අද මව් කිරි නොරැඳුණ ද කිරි සුවඳ ඒ අයුරින් ම රැඳී ඇති බව ඇය සිය සැමියාට පවසන්නී ය.
දකින්නට පුත එකම සැරයක්  එන්න පෙරමග ඉමි  බලා
මේ සියලු වේදනා විඳිමින්, දරමින් ඇය මග බලා සිටින්නේ සිය පුතු එක් වතාවක් හෝ ඔවුන් සොයා පැමිණේ වී යැයි බලාපොරොත්තුවෙනි.
ලෝක ළමා දිනය ද ලෝක වැඩිහිටි දිනය ද එකම දිනයේ යෙදී තිබීම බටහිර රටවලට සතුටුදායක වුව ද, ලංකාවේ එය ළමුන්ට සතුටුදායක දිනයක් වුව ද වැඩිහිටියන්ට කනගාටුදායක දිනයකි. මන්ද ලංකාවේ බොහෝ දෙමාපියෝ එදිනට තම දරුවන් කෙරෙහි අවධානය යොමු කළ ද ඔවුහු තම දෙමාපියෝ කෙරෙහි අවධානය නොදක්වති. කිවිඳයගේ අනුභූතියට පාදක වන්නේ ද වැඩිහිටි දිනයේ තම පුතා පැමිණෙන තෙක් පෙර මග බලා සිටින වයෝවෘද්ධ මා පිය යුවළකි.
අදයි සොදුරිය දිනය වැඩිහිටි  ඒවි කද මලු  පුරවලා
නින්ද නොමැතිව හෙළුව කඳුළැලි සෙනෙහසින් ළය  පුරවලා
පාට ගිලිහුණ සිතුවමක් ලෙස සාලයෙන් අපි  ගිලිහිලා
මහලු විය අද කරයි සරදම් කඳුළු මඩමක  තනිවෙලා
කථකයාගේ ප්ර කාශයට අනුව වැඩිහිටි නිවාසයේ අනෙක් මා පියන්ගේ දරුවන් ඔවුන් ගේ සුව දුක් විමසීම සඳහා පැමිණ ඇත්තේ බොහෝ තැගි බෝග ද රැගෙන ය. ඔවුන් දෙපළ ද රෑ නිදිවරා බලාපොරොත්තුව සිටියේ තම පුතුගේ ආගමනය යි. එහෙත් මේ කථකයා සහ කථකාවිය ඒ අය අතුරින් ස්වයංක්රීතයව ම දුරස් වී ඇත. ඔවුන් දෙපළගේ ඉරණමට මහලු විය සරදම් කරන වග කථකයා පවසන්නේ හද පිරි ශෝකයෙනි.
අවසානයේ ඔවුනොවුන් විශ්වාසය තබාගන්නේ ඔවුනොවුන් කෙරෙහි ම පමණි.
සවිය රැකදුන් නුඹේ උරමත උණුසුමට හිස  සඟවලා
තිබුණ සෙනෙහස අරුම නැහැ මට හිතේ පතුලත  රඳවලා
කඳුළු විලසට නොගැලුවත් අද නුඹේ දෙනුවන්  රතුවෙලා
ඉන්න මා හා මියෙන දිනයට  එකට යමු අපි  හිනහිලා
වියපත් කථකාවිය සිත සනසා ගන්නේ සිය වියපත් සැමියාගේ උණුසුමෙහි දැවටීමෙනි. සිය ස්වාමියාගේ දෙනුවන් කඳුළින් නොතෙමුණ ද ඒවායේ රැඳී ඇති රත් පැහැය කියාපාන්නේ ඔහුගේ දුක්ඛයෝගය යි. මියෙනතුරා ඔවුනොවුන් එකට සිටිය යුතු යැයි ඇය පතන්නේ එබැවිනි.
කිවිඳිය සිය නිර්මාණය හරහා වියපත් යුවළගේ දුක්ඛ භාවය මෙන් ම දරුවන් දෙමාපියන් කෙරෙහි අවධානය යොමු නොකිරීම පිළිබඳව ද අදහසක් සමාජ ගතකරන්නී ය. මෙය වත්මන් සමාජයේ ‘සමාජ ප්රාශ්නයක්’ ලෙස සමාජ විද්යා්ඥයන්ගේ ද අවධානය යොමුවී ඇත. කිවිඳියක ලෙස ඇය සිය යුතුකම සහ වගකීම මැනවින් ඉටු කොට ඇති බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි.
ප්රේමමය නම්…
ස්ත්රිමයක සහ පුරුෂයකු අතර ආදර හැඟීම් අතරට කුමන බාධක පැමිණිය ද නවතාලිය නොහැකි අවස්ථා එළඹේ. ඒ, ඔවුනොවුන්ගේ රුව අභිභවා ගිය අධ්යාැත්මික බැඳීම ය; මනෝමය බැඳීම ය. එය උදෙසා ජාති, ආගම්, කුල භේදය මතු නොව ඇතැම් විට ඥාති සබඳතා ද නොසලකා හැරේ. එවන් යුවළක් පෙමින් වෙළෙන්නේ ලොවට ම රහසේ ය. ඔවුනොවුන්ගේ දුක, සැප මෙන් ම විරහ වේදනාව ද බෙදා හදාගත හැකිවන්නේ ඔවුනොවුන් අතර ම පමණි. නොසිතූ, නොපැතූ මොහොතක හෝ බලාපොරොත්තුවෙන් සිටිය දී වුව මොවුන්ට වෙන් වන්නට සිදුවුවහොත් ඒ දුක දරාගන්නට. බෙදාගන්නට සිදුවන්නේ ද ඔවුනොවුන්ට ම පමණ ය. කිවිඳියගේ ‘‘විරහ නිහඬතාව“ කාව්යය නිර්මාණය ද මෙකී ප්රසස්තුතයට අදාළ නිර්මාණයකි.
සමස්ත නිර්මාණය පුරා ම දක්නට ලැබෙන්නේ ඔවුනොවුන් අතර හටගත්, විඳි, බිඳුණු. වෙන්වීමට නියමිත ප්රේාම බන්ධනය යනාදි සියල්ල කිසිදා කිසිවකු නොදුටු, නොඇසූ, කිව නොහැකි ප්රේ්ම බන්ධනයක් බවයි. ඇතැම් විට එකී ප්රේසම බන්ධනය සම්මතයට පටහැනි වන්නට ද පිළිවන. එහෙයිනි කථකයා හෝ කථකාවිය අවසානයේ…
තවකකුට නොදැනෙන්න
නුඹෙ සෙනෙහ හැර නොයා
සැඟව ගිය සිතුවිල්ල
හඬනගා කියන්නට
වරම් දෙනවාද නුඹ
…යනුවෙන් ආයාචනා කරන්නේ. 
මේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ හද පත්ලෙන් නැගෙන ප්රකබල විරහ වේදනාවයි. සැබැවින් ම ලොවට රහසේ පෙම්කළ යුවළකට අවසන අත්වන්නේ මෙවන් ඉරණමක් නොවේ යැයි කිසිවකුට කිව නොහැකි ය. ආදරය එතරම් ම: සොඳුරු ය; බියකරු ය; රුදුරු ය; හද දවනසුලු ය; ව්යාවකුල ය.
ඉඳින් මේ කව  එවන් පෙම්වත් ස්ත්රී න්ට සහ පුරුෂයන්ට උපහාරයක් යැයි පැවසුව ද කම් නැතැයි සිතමි.
සංස්කෘතිය = සත්ව හිංසනය
සංස්කෘතියක් රකින්නැයි කියමින් සත්ව හිංසනයේ යෙදෙන්නැයි කොතැනකවත් සඳහන් කර නැත. ආගමක් වෙනුවෙන් සතුන් බිලි දෙන්නැයි කොතනකවත් සඳහනක් නැත. එහෙත් මිථ්යා  දෘෂ්ටිකයෝ ආගම, සංස්කෘතිය යනාදි ගොමස්කඩ ඇඟ දවටා ගනිමින් අමු අමුවේ ම සත්ව හිංසනයේ යෙදෙති. ඒ වෙනුවෙන් ඇතින්න ඝාතනය කර කිරි දරුවෝ වන් ඇත් පැටවු පැහැරගෙන යති. මේ එවන් යුගයකි. 
එවන්යුගයක පෙහැරහැරේ ගමන් කරන අලියා, ඇතා හෝ ඇතින්න පිළිබඳ ඉතා ගැඹුරු දැක්මක මෙන්ම ශෝකාලාපයක පිළිබිඹුවක් ‘‘ඇතා සහ ඇත්ගොව්වා’’ නමැති පද්යැයේ අන්තර්ගත ය. ඊනියා බෞද්ධයෝ පමණක් නොව  අන්යාවගම්වාදියෝ ද, ඊනියා සදාචාරවාදියෝ ද සතුන්ගේ ජීවත්වීමේ නිදහස උදුරා ගති. මෙකව ඒ සදාචාරවාදින්ට ප්රනබල අතුල් පහරකි. නිර්මාණකරුවා යනු ගිනි අවි රැගෙන යුදයට බට යුතු පුද්ගලයකු නොවේ. තම නිර්මාණ හැකියාව විදාරණය කරමින් හෙතෙම අත්දකින සමාජ අනුභූති උපස්තම්භක කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන්නෝ වෙති. මෙම කව  නිර්මාණකාරිය ද එවන් කෙනකු බව මැනවින් විද්යායමාන කරවන නිර්වමාණයක් වන බව පැවසිය යුතු ය. ඇය සිය වගකීම සහ යුතුකම මැනවින් ඉටු කර ඇත.
ගල්වඩුවකුගේ පාපෝච්චාරණය
මෙම කාව්යග සංග්රමහයේ අන්තර්ගත ‘‘කලාකරු මමයි’’ නිර්මාණය කියැවූ සැණින් සිහිපත් වන්නේ රජිව්  වසන්ත වෙල්ගම විසින් රචිත සුනිල් එදිරිසිංහ ගායනා කළ ‘‘මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා’’ නමැති ගීතය යි.
සිත් පිත් නැති කළු ගලක් සිත් වසඟ කරනා බුදු රුවක් බවට පරිවර්තනය කරන්නට ගල් වඩුවා කෙතරම් වෙහෙසක් දරන්නේ ද? එමෙන් ම මේ ගල්වඩුවා ගල්කුළ වෙතින් සමාව අයදින්නේ තම හදවතේ පවත්නා මිනිස් හැඟීම් උද්දීපනය වීමෙනි. ගල් කුළට රිදවීම පිළිබඳ ඔහු තැවෙන්නේ එහෙයිනි. එය වඩාත් තිව්රසර වන්නේ ගල් වඩුවා සත් මසක් පුරා කළ කැපකිරීම යි. ඔහු හිත්පිත් නැති ගල්කුළෙන් වුව ද අවසර ලබාගන්නේ තම යුතුකම ඉටුකරනු වස් හෙතෙම දක්වන කැපවීම ය.
ගල්වඩුවා සිය මනසෙහි පිළිපන් බුදුරුව ගලකින් මතුකරගන්නට කෙතරම් වෙර වීරියක් දැරුවා ද යන්න…
සියුම් ලෙස නුඹරුව මවන විට
අතත් වෙව්ළුව සැටි අනේ
හිරැ මුදුනටම විත් ගතත් දැව්මුත්
නැහැනෙ මේ අත නැවතුනේ
…මෙම සිවුපදයෙන් ප්ර්කට කෙරේ
ඔහු යළි යළිත් ගල්කුලෙන් සමාව යදිනා’තර විශාල පරිසර හානියක් කරමින් මහා කළුගල් පර්වත කඩා බිඳ දමනා පාරිසරික දූෂකයන්ගෙන් ආයාචනයක් ද කරන්න ට අමතක නොකරයි. ඔහු ඉල්ලා සිටින්නේ මෙතරම් මනස්කාන්ත කලා නිර්මාණ බිහි කළ හැකි ගල් පර්වත කඩා බිඳ දමා මුදල් උපයා නොගන්නා ලෙස යි. මුල් මත හඹා යමින් ස්වභාවධර්මයෙන් ලද දායාද විනාශ මුඛයට ඇද දමනා අදමිටුවන් ගෙන් කරන මෙම ආයාචනය මතු මතුත් ලෝකයේ පවත්නා ස්වභාවික සම්පත් රැකගැනීම වෙනුවෙන් කළ ආයාචනයකි.
මෙම කවියේ සමාජ, දේශපාලන සහ ආර්ථික යථාව මතුකෙරෙන්නේ එහි දී ය. නිර්මාණකාරිය මෙය දැන හෝ නොදැන අදාළ ව්ය සනය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සැබෑ කලාකරුවකුගේ යුතුකම සහ වගකීම යැයි මා සිතමි.
පුවත්පතේ පවතින ඉඩ-කඩ සීමා සහිත බැවින් ඉහත කවි කිහිපය පමණක් විමංසනයට බඳුන් කළ ද මෙම කාව්යප සංග්රතහයේ අන්තර්ගත: ‘‘පොකට් සෝමේ’’, ‘‘මලවිගෙන්’’, ‘‘නිලමෙලා වඩින පෙරහැරට … ’’, ‘‘රන් හැන්දෙන් කිරි කෑ මිනිහා’’, බඹර තුඩක රැඳුණ විසක්’’, ‘‘තහනම් පෙම’’, ‘‘ආසයි මටත්’’, ‘‘ප්රතහර්ෂයට පෙර’’, ‘‘රැවටීම’’, ‘‘අයිතිය’’ යන නිර්මාණ කිහිපය ද විමංසනයට බඳුන් කළ යුතු බව වෙසෙසින් ම සඳහන් කළ යුතු ය.  
ජයසිරි අලවත්ත
රෝහිණී ජයන්ති ලියනගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *