| |

නත්තල් ගීතයක් – A Christmas Carol

සාහිත්යයක් කුමකටද?
මීට සියවස් දෙකකට පෙර එංගලන්ත සමාජය තුළ ඉතා දරුණු අන්දමේ සමාජ විෂමතාවයන් ඇතිව තිබුණේය. දුප්පත් ජනතාව සහ කුඩා දරුවෝ මෙයින් බියකරු ලෙස පීඩනයකට හා හිරිහැරයකට පත්වූහ.
එකල වික්ටෝරියානු සාහිත්යකරුවන්ට මේ කිසිවක් පෙනුණේ නැත. කතාකළේද නැතත
චාල්ස් ඩිකන්ස් එංගලන්තයේ පොදුජන සාහිත්යකරුවා බවට පත්වන්නේ මෙවැනි අවාසනාවන්ත පසුබිමකය. ඔහු තම නවකථාවන්ගෙන් පීඩිත පංතියේ ජනතාව වෙනුවෙන් වහා සමාජ ප්රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය.
එදා ඔහු සාහිත්යය ඔස්සේ ලොව ඇමතුවේ නැතිනම් එංගලන්තය සිය පිළිවෙත වෙනස් කරන්නේ නැත.
අමෙරිකානු විචාරකයෙක් වරක් ප්රකාශ කළේ එංගලන්ත පාර්ලිමේන්තුවට කරන්නට නොහැකි වූ දේ ඩිකන්ස් විසින් සිදුකරනු ලැබූ බවයි.
අද්භූත කතා සන්දර්භයක් ඔස්සේ චාල්ස් ඩිකන්ස් ලියූ ‘අ ක්රිස්මස් කැරොල්’ නමැති ලොව ප්රකට නවකථාව ‘නත්තල් ගීතයක්’ නමින් පළමු වරට පූර්ණ අංසක්ෂිප්ත පරිවර්තනයක් ලෙසින් කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ දී ‘ප්රභා ප්රකාශකයෝ (D-159) කුටියෙන් ඔබ අතට පත්වේ.
විමසීම්
ප්රභා ප්රකාශකයේ
වේයන්ගොඩ
දුරකථන අංක 033 22 87 111

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *