ඉවුරු, ගඟ සිදී ගිය දා – කැත්ලීන් ජයවර්දන


කවිය පිළිබඳ අදහස් දක්වන ඉංග්‍රීසි කවියෙකු වන මැතිව් ආර්නෝල්ඩ් පවසන්නේ, ″එය ගිනි පුලිඟුවක් අහසින් කඩා වැටිම හා සමාන දෙයකි. කවිය යනු ඉතා මනරම්, විශ්මය ජනක මෙන්ම පුලුල් ලෙස දේවල් ප්‍රකාශ කළහැකි ආකාරයකි.″ යනුවෙනි. කවිය මනරම්, විශ්මය වහා ප්‍රයෝගයක් වන්නේ භාෂාව පදනම් කරගෙනය. සිය භාෂාව කාව්‍යමය තලයක තබා කපාකොට ගත හැකි කවියෙකුට සිය කවිකම් මනාව විදහා දැක්විය හැකිය. එසේ කිරීමට නම් කවියා සිය භාෂාවේ එන විදග්ධ ව්‍යවාහාරය, ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන ව්‍යවාහාරය, විදෙස් වහර, පැරණි ගද්‍ය පද්‍ය භාෂාව පමණක් නොව එහි එන තාක්ෂණික යෙදුම් මෙන්ම උප භාෂා ආදියේ එන ලක්ෂණයන් ද අනිවාර්යෙන් දැන සිටිය යුතුය. එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද කවියා උත්සුක විය යුතුය.
කෞශල්‍යා ජයලත් කිවිඳිය ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය සංග්‍රහය තුල දැකිය හැක්කේ ඉහතින් සඳහන් කල විශේෂ කාරණයයි. එනම් ඇය සිය අත්දැකීම් කියන්නට කාව්‍ය භාෂාව යොදා ගන්නා ආකාරයයි. ඇගේ කවිකමේ ප්‍රබල විශේෂත්වය වන්නේ කවියට ප්රස්තූත වන අත්දැකීමට ගැලපෙන ලෙස සිය භාෂාව හැසිරවිමයි.
මේ නිසා, “රියල්” කියල දෙයක් තියෙනව නම්, පියැසි කවුළුවෙ බොහෝ චරිත අපි හිතන් ඉන්න “රියල්” එකෙනුත් රියල් එක වෙත යන්න සමත් වෙනවා. මේ සැබෑව සාහිත්‍ය නිර්මාණයකින් එළියට එද්දි කියවන පාඨකයාට, නිර්මාණ ලෝකයෙදි හමුවෙන චරිත සහ සැබෑ ජීවිතේ තමාත් ඇතුළු චරිත කියල වෙන ම කොටස් දෙකක් – පරතරයක් නැති ය, හැමෝම එකවගේය කියල හිතෙන්න ගන්නවා.
අද්භූත කතා සන්දර්භයක් ඔස්සේ චාල්ස් ඩිකන්ස් ලියූ ‘අ ක්‍රිස්මස් කැරොල්’ නමැති ලොව ප්‍රකට නවකථාව ‘නත්තල් ගීතයක්’ නමින් පළමු වරට පූර්ණ අංසක්ෂිප්ත පරිවර්තනයක් ලෙසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ‘ප්‍රභා ප්‍රකාශකයෝ (D-159) කුටියෙන් ඔබ අතට පත්වේ.
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් කරමිනි.
තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්‍යාපනයෙහි එක් කේන්ද්‍රීය ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්‍යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි.
මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත කෘතිය දැනටමත් අපේ සමාජයේ විවිධ තලවල සංවාද වෙත ආලෝකය ගෙනා කෘතියක් බව පෙනෙනව. සමකාලීන අධ්‍යාපනයේ නව ලිබරල් මුහුණත සහ නිදහස්කාරක අධ්‍යාපනයේ හරයාත්මක වටිනාකම්, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ ෙඑතිහාසික විකාශනයේ අවවර්ධනය, වැඩ ලෝකය-අධ්‍යාපනයේ උපයෝගීතාවාදී භාවිතය සහ කරණීය තර්කරණය, නිදහස් කලා අධ්‍යාපනයේ ගුරු ශිෂ්‍ය භූමිකා, මානවශාස්ත්ර අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ගැටලු සහ පොදුවේ ශාස්ත්‍රාලය සහ ශාස්ත්‍රාලයික බව ගැන අර්ථවත් සංවාදයක් මතු කෙරෙන න්‍යායික සහ ෙඑතිහාසික ප්‍රවේශ ගණනාවක් මේ කෘතිය මගින් පැනෙනව පෙනෙනව. මේ කෙටි සටහන පොතේ එන ඒ සියල්ල පිළිබඳ සාකල්යර්ථවත් අවලෝකනයක් නෙමෙයි. එහෙම කරනව නම් ඒක තවත් ග්රන්ථ ප්‍රමාණ අභ්‍යාසයක්. මම උත්සාහ කරන්නෙ මේ කෘතිය මගින් පොදුවේ ආමන්ත්‍රණය කරන එක් අදහසක් පමණක් සලකාබැලීමට විතරයි. අනිත් අතට මෙවැනි පොතක් ගැන කරන කතාවක් යනු පොත නොකියවූ අයට කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම හෝ පොතෙහි එන විස්තෘත කරුණුවල පටුනක් සේ පෙනෙන පෙළගැස්මක් සැදීම නෙමෙයි. ආධුනික ශාස්ත්රකාමියෙකු ලෙස පුද්ගලිකව මම මේ කෘතියෙහි කැමතිම පරිච්ඡේදය තමයි -නිදහස් කලා අධ්‍යාපනය, නිදහස්කරක අධ්‍යාපනය සහ ශ්‍රේෂ්ඨ ග්රන්ථ- නමැති පරිච්ඡේදය. ඒත් මම ඒ සංවාද දැනට මගහැර යනව.
“ලෝක කෙටිකතා කලාව පිළිබඳ න්‍යායික පිහිටුමක සිට මේ පස්ලෝහි එන කෙටිකතා ‘කෙටිකතා’ සේ පිහිටුවිය හැක්කේ කෙසේද?” වැනි දෘඪ න්‍යායික රාමුවක සිට කතා කරන්න ඉඩහසර ඇති පරිසරයක සිට නෙමෙයි මම කතාකරන්නෙ. කැමතිම රචකයෙක්ගෙ කැමති පොතක් ගැන ටිකක් අසාධාරණ ඒ්ත් කෙටිකතා ප්‍රිය පාඨකයෙක්ට මේ කතා දෙස එබී බැලිය හැකි එක් කුඩා කවුළුවක් විවර කරගන්නයි මම හදන්නෙ. තව අතුරු කතාවක්. ප්‍රභාත් ජයසිංහගේ ‘කෙටිකතා චක්‍ර’ යන හඳුන්වාදීම ඔස්සේ ආ ‘රස පොළව’නම් කෙටිකතා කෘතිය ගැන මා කලෙකට පෙර ලියූ සටහන මා නම් කළේ “රස පොළව ගැන සහෝදර කියවීමක්” නමින්. “කියවීම” සහෝදර වෙන්නෙ කොහොමද? චිරන්තන පෙරදිග සාහිත්‍ය විචාරයේත් අපට අතීතයේ සිට හමු වූ ‘සහෘදයා’ පිළිබඳ – සමාන හදවතක් ඇත්තා – වැනි අදහස් මතකයි. එතකොට මම ‘රස පොළව’ ගැන සහෝදර කියවීම කරද්දි එහි කතුවරයා, ප්‍රභාත් ජයසිංහට ‘සහෝදරයා’ වීම නෙමෙයි අදහස් කළේ. කෙටිකතා වෙත, කෙටිකතා කලාව වෙත සහෝදර වීම. සහෘද නෙමෙයි. සහෘදයා යන්නෙදි සමාන හෘදය නම් සහෝදරයා යන්නෙදි සමාන උදරය අදහස් වෙනව. මම මතු කරන්න උත්සාහ කළේ එහි ඒ් කෘතිය වෙත සහෝදර මානය. මම ඒ රචනයේදී ප්‍රභාත් ජයසිංහ නමැති කෙටිකතාකරුවා මෙතෙක් කෙටිකතා කෘති කිහිපයක් ඔස්සේ ගොඩනගන ලද කෙටිකතාමය ස්ව ශානරයේ ගතිකයන්, කතා කලාවේ figurative language එක, රූපකාර්ථ යථාර්ථවාදය, ඒ ඒ කතා ඇසුරෙන් මතු කරන තේමාත්මක එළඹුම් ආදිය ගැන ඉඟි කරන්න උත්සාහ කළා. ඒ පොතට විතරක් නෙමෙයි ඔහුගෙ සමස්ත කතා කලාව වෙතම වන සහෝදරාත්මක ආත්මයක් දල්වාලන්න මම එදා ප්‍රවේශයේදි උත්සාහ කළා. නමුත් අද මගේ අදහස් දැක්වීමෙදි ඒ ප්‍රමාණයෙන් තරමක හෝ පුළුල් ප්‍රවේශයක් ගන්න මට අපහසුයි.
මං ගන්න හදන්නෙ ක්ෂුද්‍ර එළඹුමක්. කවි සහ කෙටිකතා පොත් අටක් ලියූ ලේඛකයෙක්ගෙ කෙටිකතා අටක් ඇති ඔහුගෙ අටවෙනි පොතේ එක කතාවකට පමණක් මගේ කියවීම සීමා කරන්නයි හදන්නෙ. මගෙ ක්ෂුද්‍ර අදහස මේ සංවාදයේ පිහිටුවීම පිණිස මගේ පහසුව සඳහා සාහිත්‍ය න්‍යායේ එන අදහසක ආලෝකය ලැබීම රුකුලක්.