ඔබේ විස්තරයත් මෙහි ඇතුලත් කරන්න.

ඔබේ පොත හෝ පොතක් ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැන විස්තර මෙහි ඇතුලත් කරන්න.
පොතේ නම, කතෘගේ නම, ප්‍රකාශකයාගේ නම හා  පොත හෝ  ක්‍රියාකාරකම ගැන කෙටි විස්තරයක් හෝ විචාරය ඇතුලත් කර, කවරය හෝ වෙනත් අදාල ඡායාරූපයක් ඇටෑච්මන්ට් එකක් ලෙස අමුණා   posts@read.lk වෙත එවන්න.

කැත්ලින් ජයවර්ධනගේ ඉවුරු ගඟ සිදී ගිය දා කියවූවෙමි. අතිශය වෙහෙසක් දරා, විශාල සංයමයකින් ලියන ලද අනර්ඝ ලියවිල්ලකි. ඉතා වෙහෙසී කරනා ලද ගෙත්තමකි. ලාංකීය සමාජයේ මූලික විශ්වාසයන් සියල්ලටම අතිශයින් බරපතල ලෙස අභියෝග කරමින් ලියන ලද මෙය තවමත් 'ඉක්මනින් වලිග ගිණි ගන්නා පරම්පරාවේ' දෑසට අසු නොවුණාද, නැතහොත් මේ වර්ගයේ පොතක් මුල සිට අග තෙක් කියවීමේ සංයමයක් මේ නරි නාටක මැද සොයාගැනීමට ඔවුනට හැකි නොවූයේදැයි මම නොදනිමි. Read more
සුනන්දා කෙතරම් සුන්දර ද යත්… තාක්ෂණයේ දියුණුවත් සමග ම මිනිස් සත්වයා සතුව පවත්නා බොහෝ දක්ෂතා වැළලී යනවා මෙන්ම තවත් දක්ෂතා කරළියට පැමිණේ; ඒ තාක්ෂණය ඔස්සේ ම ඔවුහු සිය දක්ෂතා වර්ධනය කරගනිති. මේ ආකාරයට තම දක්ෂතා වර්ධනය කරගත් මාධ්යවයක් ලෙස Face book (මුහුණු පොත) හැඳින්විය හැකි ය. එතුළින් වල්-පල් ලියන අය අතර තම කාව්යF දක්ෂතා වර්ධනය කරගත් නිර්මාණකාරිනියක ලෙස රෝහිණි ජයන්ති ලියනගේ හැඳින්විය හැකි ය. කවියට, කෙටිකතාවට මතු නොව නවකතාවට ද දක්ෂතා දක්වන ඇය පසුගිය දි සිය කුළුදුල් කාව්යි සංග්රයහය ජනගත කළා ය. කාතිය නම් කර තිබුණේ ‘‘සුන්දර සුනන්දා’’ යනුවෙනි. අද මගේ විචාරක්ෂිය යොමු වන්නේ මෙම කාව්යන සංග්රිහය කෙරෙහි ය. Read more
මේ නිසා, “රියල්” කියල දෙයක් තියෙනව නම්, පියැසි කවුළුවෙ බොහෝ චරිත අපි හිතන් ඉන්න “රියල්” එකෙනුත් රියල් එක වෙත යන්න සමත් වෙනවා. මේ සැබෑව සාහිත්‍ය නිර්මාණයකින් එළියට එද්දි කියවන පාඨකයාට, නිර්මාණ ලෝකයෙදි හමුවෙන චරිත සහ සැබෑ ජීවිතේ තමාත් ඇතුළු චරිත කියල වෙන ම කොටස් දෙකක් – පරතරයක් නැති ය, හැමෝම එකවගේය කියල හිතෙන්න ගන්නවා. Read more
කවිය පිළිබඳ අදහස් දක්වන ඉංග්‍රීසි කවියෙකු වන මැතිව් ආර්නෝල්ඩ් පවසන්නේ, ″එය ගිනි පුලිඟුවක් අහසින් කඩා වැටිම හා සමාන දෙයකි. කවිය යනු ඉතා මනරම්, විශ්මය ජනක මෙන්ම පුලුල් ලෙස දේවල් ප්‍රකාශ කළහැකි ආකාරයකි.″ යනුවෙනි. කවිය මනරම්, විශ්මය වහා  ප්‍රයෝගයක් වන්නේ භාෂාව පදනම් කරගෙනය. සිය භාෂාව කාව්‍යමය තලයක තබා කපාකොට ගත හැකි කවියෙකුට සිය කවිකම් මනාව විදහා දැක්විය හැකිය. එසේ කිරීමට නම් කවියා සිය භාෂාවේ එන විදග්ධ ව්‍යවාහාරය, ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන ව්‍යවාහාරය, විදෙස් වහර, පැරණි ගද්‍ය පද්‍ය භාෂාව  පමණක් නොව එහි එන තාක්‍ෂණික යෙදුම් මෙන්ම උප භාෂා ආදියේ එන ලක්ෂණයන් ද අනිවාර්යෙන් දැන සිටිය යුතුය. එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද කවියා උත්සුක විය යුතුය. කෞශල්‍යා ජයලත් කිවිඳිය ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය සංග්‍රහය තුල දැකිය හැක්කේ ඉහතින් සඳහන් කල විශේෂ කාරණයයි. එනම් ඇය සිය අත්දැකීම් කියන්නට කාව්‍ය භාෂාව යොදා ගන්නා ආකාරයයි. ඇගේ කවිකමේ ප්‍රබල විශේෂත්වය වන්නේ කවියට ප්‍රස්තූත වන අත්දැකීමට ගැලපෙන ලෙස සිය භාෂාව හැසිරවිමයි. Read more
අද්භූත කතා සන්දර්භයක් ඔස්සේ චාල්ස් ඩිකන්ස් ලියූ 'අ ක්‍රිස්මස් කැරොල්' නමැති ලොව ප්‍රකට නවකථාව 'නත්තල් ගීතයක්' නමින් පළමු වරට පූර්ණ අංසක්ෂිප්ත පරිවර්තනයක් ලෙසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී 'ප්‍රභා ප්‍රකාශකයෝ (D-159) කුටියෙන් ඔබ අතට පත්වේ. Read more
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් කරමිනි. තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්‍යාපනයෙහි එක් කේන්ද්‍රීය ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්‍යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි. Read more