රාජ්‍ය සාහිතය සම්මාන උළෙල – 2025 (අවසන් ප්‍රතිඵල ලේඛනය)
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පිදෙන 68 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය, 2025-09-18 දින කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදි ශ්‍රී ලංකාවේ සාහිත්‍යවේදියකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන රාජ්‍යයේ ඉහළම සාහිත්‍ය සම්මානය වන ‘සාහිත්‍ය රත්න’ සම්මානයෙන් ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධර ආචාර්ය සෝමරත්න බාලසූරිය (සිංහල), ප්‍රවීණ සාහිත්‍යවේදී එම්.ඒ. අල් අසුමත් (දෙමළ), ප්‍රවීණ සාහිත්‍යවේදිනී ප්‍රේමිනී අමරසිංහ (ඉංග්‍රීසි) පිදුම් ලැබුවෝ ය.
බුද්ධශාසන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ, අවසානවටයට නිර්දේශිත පොත් හා ජයග්‍රාහී පොත් සම්පූර්ණ ලැයිස්තුව පහතින් කියවිය හැක.